උපාධිධාරී රැකියා ගණන 50000 සිට 35000ට අඩුවෙලා - ඥානානන්ද හිමි
උපාධිධාරීන් පනස් දහසකට මාර්තු 1 වන දින රැකියා ලබාදෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් එම ලබාදෙන බව කී රැකියා ප්‍රමාණය මේ වන විට 35,000 දක්වා අඩුකර තිබෙන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාල බලධාරීන් සමග උපාධිධාරීන්ට රැකියා ලබාදමීට තිබෙන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේ බව හෙළිවූ බව එම සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
උපාධිධාරීන්ට රැකියා ලබාදීමට සකස් කර තිබෙන වැඩපිළිවෙල එළිදක්වන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොල ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද පැවැත්විය.
මෙම පාගමනින් පසු ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකුට ජනාධිපති කාර්යාල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවිය.
මෙම සාකච්ඡාවේදී උපාධිධාරීන් තිස්පන්දහසකට පමණක් මුලින් රැකියා ලබාදෙන බවට බලධාරීන් සඳහන් කළ බවත් රැකියා ලබාදෙන වැඩපිළිවෙළ සතියක් තුළ ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළ බවද තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
