saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9643 hours ago

LATEST

තොරතුරු ඇත්නම් දැනුම් දෙන්න

calendar_today 2020 පෙබ 07 - 22:30 remove_red_eye - 870  

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති එච්.බී.අමිත් මහතා පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

වව්නතිව් පොලිස් වවසමේ ආයිත්තියමලය ප්‍රධාන මාර්ගයේ මූණරකට්ට ප්‍රෙද්ශයේ වාලච්චේන පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව අත්අඩංගුවට ගෙන

Read More

කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණ. ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මහතා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.

Read More

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා වීශ්‍රාම ගැන්වීම සහ ඔහුට අවසන් ආචාර පෙළපාලිය පැවැත්වීම අද (07) දින පෙරවරුවේ දඹුලු හල්මිල්ලෑව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

Read More

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතා අද (07දා) පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කළේය

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය කොප් කමිටුවට කැඳවීමට කමිටුව සාකච්ඡා කළ බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Read More

එම විවාදය එදින පස්වරු 01.30 සිට පස්වරු 07.30 දක්වා පැවැත්වෙනු ඇත.මෙම සභාව කල්තැබීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කෙරේ.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අද(07) ප්‍රතික්ෂේප කළේය.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ පෙබරවාරි 20 දක්වා අයැදුම්පත් භාර ගැනේ.

Read More

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට අද (07දා) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‍ ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.

Read More

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වයට රාජ්‍ය කළමණාකරණ හා ගිණුම් කටයුු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) රැස්වූ එම කාරක සභාවේ සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් ස්ථීර කරන ලදි.

Read More

සී.ඩී. තැටිය තවදුරටත් පරීක්ෂා කර බලා ජාතික වශයෙන් අගතියක් විය හැකි කරුණු, ප්‍රභූ පුද්ගලයන්ට අපහාස විය හැකි කරුණු හා පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන ඉවත් කර කථානායක කරු ජයසූරිය මහතා වෙත ලබා දෙන ලෙස කාරක සභා සාමාජිකයෝ මෙහිදී පාර්ලිමේන්තු නිලධාරීන් වෙත දැනුම් දුන්හ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා අද (07දා) දහවල් නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය

Read More

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස

Read More

ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කොට වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස ලබාදුන් උපදෙස් අනුව මෙතෙක් කටයුතු නොකිරීම හා එම සිද්ධියට අදාළව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු නොවීමේ හේතූ වහාම දැනුම් දෙන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (07දා) දැනුම් දුන්නේය.

Read More

රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින (06) මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව ඇත.

Read More

සමථ මණ්ඩලවල බලතල වැඩි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

වාලච්චේන පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හඩ පරීක්ෂණයක් සඳහා බත්තරමුල්ල රස පරීක්ෂක වෙත අද පෙරවරුවේ රැගෙන ආවේය.

Read More

ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස පත්කර තිබේ.

Read More

අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black Tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත්තේය.

Read More

කොළඹ වරාය සඳහා CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කොළඹ ගංඟාරාම විහාරස්ථා0නය මඟින් වාර්ෂිකව පවත්වන නවම් පෙරහර හේතුවෙන් අද (07දා) හා හෙට (08 දා) පැවැත්වෙන හෙයින් පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි සවස 6.30 සිට පෙරහර අවසන්වනතුරු රථවාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

Read More

වෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 30,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More

කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිට්ඩ් ආයතනය පූර්ණ වශයෙන් රජය සතු සමාගමකි. එමගින් මිනිරන් කැණීමෙන් මසකට මෙට්‍රික් ටොන් 65-70ක් අතර ප්‍රමාණයක් ලබාගන්නා අතර ඒවා අමුද්‍රව්‍ය ස්වරූපයෙන්ම අපනයනය කිරීම සිදුවෙයි.

Read More

ලංකා පිඟන් කර්මාන්ත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදනය කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙරට අධ්‍යාපන පද්ධතියේ සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදෙන්නටත්, දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන්නටත් පින්ලන්ත රජයේ සහයෝගය ලබාදීමට පිණිස පින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරනන් (Harri Kämäräinen) මහතා සහ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අතර විශේෂ හමුවක් ඊයේ (05) දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

Read More

දඹුල්ල දේවහුව රක්ෂිතයේ ආසන්නයේදි ස්ප්‍රීතු ලීටර් 9 ක් සගවා ඒවා බෙදා හැරිම සදහා සිටිබව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ලැබුන තොරතුරු මත රක්ෂිතය තුල පවත්වාගෙන ගිය සුප්‍රීතු නිෂ්පාදනාගාර 4 ක් වටලා ස්ප්‍රිතු නිෂ්පාදනය සදහා යොදාගන්නා උපකරණ තොගයක් හා ස්‍ර්ප්‍රීතු ලිටර් 18 ක් අත්අඩංගුවට ගැනිමට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වි ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.