ඔඩ්ඩුසුඩාන් කම්හලේ වැඩ DSI සමාගම ආරම්භ කරයි
ලංකා පිඟන් කර්මාන්ත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදනය කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් රාජ්‍ය ව්‍යාපාර නැවත ආරමභ කිරීමේ ප්‍රතිපත්තිය අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.
එහි මූලික පියවර වශයෙන් මුලතිව්හි ඔඩ්ඩුසුඩාන්හි පිහිටි උළු හා ගඩොල් නිෂ්පාදන කම්හලේ නිශ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.
එමගින් මාසයකදී උළු හා ගඩොල් ලක්ෂ 04ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට අපේක්ෂිතය.
එම කම්හලේ ගොඩනැඟිල්ලේ හා යන්ත්‍රෝපකරණවල සම්පූර්ණ අයිතිය ලංකා පිඟන් සංස්ථාව වෙත රඳවාගනිමින් උළු හා ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය ඩී.එස්.අයි. සමාගමේ උප සමාගමක් වන සැම්සන් රජරට ටයිලිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හා එක්වන ක්‍රියාත්මක කිරිමට නියමිතය.
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමිල් වීරවංශ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

