කහටගහ මිනිරන්වලට අගය එකතු කිරීමට යයි
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය මගින් කැණීම් කිරිමෙන් ලබා ගන්නා මිනිරන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය මත පදනම්ව අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිට්ඩ් ආයතනය පූර්ණ වශයෙන් රජය සතු සමාගමකි. එමගින් මිනිරන් කැණීමෙන් මසකට මෙට්‍රික් ටොන් 65-70ක් අතර ප්‍රමාණයක් ලබාගන්නා අතර ඒවා අමුද්‍රව්‍ය ස්වරූපයෙන්ම අපනයනය කිරීම සිදුවෙයි.
ශ්‍රී ලංකාවේ මිනිරන් සැපයුම ලෝක වෙළඳපොළේ අවශ්‍යතාවෙන් 7%ක් පමණ වෙයි. එම තත්ත්වය මත ජාත්‍යන්තර වෙළඳපොළෙහි බලපෑමක් ඇති කිරීමට හැකියාවක් නොමැත.
ඒ අනුව කහටගහ පතල තුළින් කැණීම් කර ලබාගන්නා මිනිරන් සඳහා අගය එකතුකිරිම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව කැණීම් කර ලබාගන්නා මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම වෙනුවෙන් පමණක් තරඟකාරි ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ දේශීය හා විදේශීය ආයෝජකයන් වෙතින් අභිලාෂ පළ කිරීම සඳහා ආරාධනා කැඳවීමටත්, ව්‍යාපෘති කමිටුවක් මඟින් ඉදිරිපත්වන යෝජනා ඇඟයීමට ලක්කර සුදුසු ආයෝජකයෙකු තෝරා ගෙන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් කර්මාන්ත හා සැපයුම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

