මෙරට අධ්‍යාපන පද්ධතියේ සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදෙන්නටත්, දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන්නටත් පින්ලන්ත රජයේ සහයෝගය ලබාදීමට පිණිස පින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරනන් (Harri Kämäräinen) මහතා සහ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අතර විශේෂ හමුවක් ඊයේ (05) දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.
ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනයට අදාළ වැඩසටහන් දෙරට අතර ක්‍රියාවට නැංවීම, පින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අත්දැකීම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ගුරුවරුන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුදරුවන් අතර සහයෝගිතා හුවමාරු වැඩසටහන් පැවැත්වීම, අධ්‍යාපනයේ තාක්ෂණික, වෘත්තීය පුහුණු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය ක්ෂේත්රයට අදාළ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම, ගුරු අධ්‍යාපනයට අදාළ ව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල සහ ගුරු පුහුණු මධ්‍යස්ථානවල අදාළ තාක්ෂණික ඉගෙනුම් පහසුකම් නැංවීම සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම වැනි කරුණු රැසක් පිළිබඳ තානාපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර වූ මෙම හමුවේ දී අවධානය යොමු කර ඇත.



