saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 9768 hours ago

LATEST

රටවල් කිහිපයකින් මගීන් රැගෙන ඒම නවත්වයි

calendar_today 2020 මාර් 13 - 10:06 remove_red_eye - 1970  

හෙට සිට (14) බල පැවැත්වෙන පරිදි ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට මගීන් රැගෙන නොඑන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇත.

අරංගල්විල පොලිස් වසමේ දිඹුලාගල සොරුවිල මාර්ගයේ සොරුවිල ප්‍ර දේශයේදී මාර්ගයේ ගමන් ගත් කාර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ඉවතට පැන ගසක ගැටීමෙන් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ අනතුරින් කාර් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත් වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබු රියදුරු සහ හිමිනම රෝහලට ඇතුලත් කිරීමේදි හිමිනම අපවත් වී ඇත.

Read More

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ බිරිඳ වන සොෆී ටෘඩෝ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථයක් කහතුඩුව පොලිස් වසමට අයත් 3.6 L කණුව අසළදී හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා මේ වන විට මරණ 4600ක් වාර්තා වන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 125000ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් 19 ආරම්භ වූ චීනය තුළ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහළ යමින් පවතී.

Read More

මෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.

Read More

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ආර්. නාගහමුල්ල මහතා පත්කර තිබේ. ඔහු මීට අමතරව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පත් ලෙසද කටයුතු කර යි.

Read More

සියවසක් තුළ රට තුළ ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය හමුවේ මෙම තීරණය ගන්නා බව ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් කියයි.

Read More

පුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට දේශපාලනය පසෙකලා එක්ව සටන් කිරීමට අගමැති නෙතන්යාහු සියලු පක්ෂවලට ආරාධනා කරයි.

Read More

මෙහිදි ෂී සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

Read More

ඉන්දියාවේ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකි.

Read More

භාණ්ඩ හිඟයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත්, එකවර වෙළඳසැල්වලට ගොස් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීම හරහා භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Read More

කෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, වයිබර් හා වට්ස් ඇප් හරහා මහජනයා කලබලයට පත්වන ආකාරයෙන් තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය කරන බවද රජය නිවේදනය කරයි.

Read More

නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජන බලවේගය සමග එක්විය.

Read More

කොවිඩ් 19 වසංගතයට මුහුණදීම සඳහා රජය ගන්නා ක්‍රියාමර්ග කුමක්දැයි රටට වහා හෙළි කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

“ශ්‍රී ලංකාව කුඩා රටක්. කුඩා ආර්ථිකයක්. ජනගහණයත් විශාල නැහැ. එවැනි රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී. අද ලෝකයේ ඇත්තේ දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් බැවින් පහසුවෙන් පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් සිටින අප රටේ ආර්ථිකය දියුණු කළ යුත්තේ ඔවුන් කේන්ද්‍ර කොටගෙන බව ද එතුමා පෙන්වා දෙයි.

Read More

අල ගෙඩි ලෙස ව්‍යාජ ආකාරයට සකස් කර මෙම හෙරොයින් තොගය ගෙන්වා තිබෙන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

Read More

කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟම එම උවදුර පිළිබඳ වගකිවයුතු අංශයන්හි සහ රටවැසියන්ගේ දැඩි අවධානය යොමුව තිබීම වැදගත් බව හිටපු කතානායක කරු ජයසුරිය මහතා සදහන් කරයි.

Read More

කොරෝනා රෝග ලක්ෂණ තිබෙන සැක රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත්, ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන රජය මගින් පාසල් නිවාඩු ලබාදීමත් හේතුවෙන් කලබලයට පත් ජනයා අද (12දා) වෙළෙඳ සැල් වලට පැමිණ එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගැනීමට පෙළඹී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

Read More

පක්ෂ විනය කඩකිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපීමට අද (12දා) තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරස ආසාදනයට මුහුණ දෙන්නට ආණ්ඩුවේ සූදානමක් නොමැති බවත් ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා නොදී කොරෝනා වෛරසයට මුවා වෙමින් ජනතාව මත බරපැටවීමේ උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

Read More

තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් කඳුවැටියේ පැතිරී ගිය ගින්න ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටරයක් භාවිතා කරමින් පාලනය කිරීමට අද (12) හවස පියවර ගත් බව තලවකැලේ පොලීසිය පවසයි. කඳුවැටියේ ස්කල්පා කොටස ප්‍රදේශයේ මෙම ගින්න හට ගෙන තිබු බවත්, කඳුවැටියේ අක්කර 20 කට අධික භූමි ප්‍රදේශයක් අද (12) සවස වනවිට විනාශව ගොස් ඇති බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.

Read More

දෙවැනි වතාවටත් දේශපානයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසු බවත්, එක්සත් ජාතික පක්‍ෂය නොවිසිරි එක්ව සිටීම තම ජයග්‍රහණයට වාසිසහගත වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ.

Read More

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරඟාවලිය කල් දමයි. මේ බව තිලිණ තුෂාර මිරැන්ඩෝ සිය ෆේස් බුක් පිටුවේ සඳහන් කර ඇත.

Read More

මේ වනවිට පළමුවරට ශි‍්‍ර ලංකාව තුළින් කෙරෝනාවෛරසය වැලඳුණු රෝගියා හඳුනාගනු ලැබු බවත් මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගතයක් හැටියට හඳුන්වා තිබියදි එජාපයත්, එජාපයෙන් විතැන් වෙන්න සිටින කණ්ඩායමටත්, ජනතා විමුක්ති පෙරමුණටත් මෙය දේශපාලන අතකොලූවක් කර නොගන්නා ලෙසත්, මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශොහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් එළැඹෙන 26 දා තෙක් වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවධානම් තත්වය සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙළගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

Read More

චීනය තුළ කොවිඩ් 19 වෛරස් රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව අවසන් වී ඇති බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.