නාවික හමුදාව ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජහරණය කරයි
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 29) ගාල්ල අධිකරණ සංකීර්ණයේ විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.
කොරෝනා වෛරසය රටතුල ව්තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ක්‍රියාත්මක විෂබීජ හරණ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලද තවත් එක් වැඩසටහනක් අද (2020 මාර්තු 29) දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මගපෙන්වීම මත ගාල්ල අධිකරණ සංකීර්ණය කෙන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි. නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනෙහිදී ගාල්ල අධිකරණ සංකීර්ණයේ මහාධිකරණය, දිසා අධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ කටයුතු නියමිත ක්‍රියා පිළිවෙතට අනුව විධිමත්ව සිදු කරන ලදි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

