මහනුවර නගරය හා ඒ අවට ප්‍රදේශවල මාස ගණනක් පැවති වියළි කාළගුණය නිමා කරමින් අද (29) දින පස්වරු 3.00 පමණ සිට පැයකට පමණ ආසන්න කාලයක් වැසි ඇද හැළෙන්නට විය.
වැසි නොලැබීම නිසා මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව, පානීය ජලය ලබා ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජලය නොමැතිවීමෙන් පීඩාවට පත් වූහ.
මෙම තත්ත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ජල බවුසර් යොදා පානීය ජලය බෙදා හැරීමට සිදු විය. ඒ් අතරින් උස් බිම් ආශ්රිත ප්‍රදේශවල ජනතාව මෙහිදි වැඩි වශයෙන්පී දුෂ්කරතාවලට මුහුණ දෙන ලදි.
කුණ්ඩසාලේ, තෙල්දෙණිය, මැණික්හින්න ප්රදේශයන්හීත් මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශවලත් විශාල පිරිසක් මෙම වියළි කාලගුණ තත්වයෙන් පීඩාවට පත්වූහ.
විශේෂයෙන් වියලි කාලගුණ තත්ත්වයෙන් වැඩි වශයෙන් දුෂ්කරතාවයට පත් වූයේ ගොවිතැන් කටයුතු සිදුකර ගොවීන් සහ කුඩා තේ වතු වගාකරුවන් ය.
(දුම්බර - එම්.ආර්. ප්‍රදීප්)
