saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 9379 hours ago

LATEST

අගමැති හා චින තානාපති අතර හමුවක්

calendar_today 2019 දෙසැ 18 - 18:05 remove_red_eye - 327  

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් සිදුවි තිබේ.

අධිරාජ්‍ය විරෝධී අරගලය බහුජන අරගලයක් බවට පත් කළ යුතු බවත් එය වමේ ව්‍යාපාරයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක විය යුතු බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

Read More

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය පළමු වතාවට යාපනයේදී රැස්වි ඉදිරි මහමැතිවරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විමෙන් පසුව අද (18) පක්ෂයේ 70 වැනි සංවත්සරයද යාපනයේදී සැමරීමට පියවර ගෙන ඇත.

Read More

රජය වහාම මැදිහත් වී සාමාන්‍ය පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් මිලදී ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

Read More

තේ දලු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතුකම්කරුවන් 15 දෙනෙකු අද (18) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

Read More

පාඨලි ,රාජිත හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට නීතියෙන් පැන යාමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරනු ලැබිය.

Read More

යුද්ධයෙන් පසු යාපනයේ නැවත පදිංචි පවුල් වෙනුවෙන් 2009 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ අංගසම්පූර්ණ නිවාස 700ක් මේ වන විට ඉදිකොට ජනතාවට භාරදි ඇති බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා පැවසුවේය.

Read More

වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග යාපනයේ ප්‍රදේශ ගණනාවක නීතිවිරෝධීව වැලි ගොඩදැමීම් සිදුවීම නිසාවෙන් යාපනයේ දහස් ගණනක් ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පැවසුවේය.

Read More

නුවරඑළිය පිදුරුතලාගල කඳු මුදුනට පිවිසීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසරපතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට ලක්ව ඇතැයි නුවරඑළියට පැමිණෙන සංචාරකයෝ පවසති.

Read More

මාතලේ, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඇති වී තිබෙන වැසි නිසා එම දිස්ත්‍රික්කයේ කඳු නායයාම්වලට ලක්විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් සංශෝධනය විය යුතුද යන්න පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් ඊයේ (17) දින අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.

Read More

ඊයේ ( 17) දින සිලාවතුර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවකින් යාත්‍රා කරමින් සිටි ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.

Read More

ඇහැළියගොඩ පොලිස් වසමට අයත් තලාවිටිය වත්තේ පිහිටි නිවසක් වෙත අද (18) අලුයම බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී ඇතැයි ඇහැළියගොඩ පොලීසිය කියයි.

Read More

නකල්ස් අධි සංවේදී පරිසර පද්ධතියට නොනවත්වා ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හමුවේ මාතලේ රත්තොට සිට රිවස්ටන් දක්වා කොටසේ පස් කදු කඩාවෑටිම් බහුලව සිදුවන බව වාර්තා වෙයි.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවියේදී ඉන්දියන් ඔයිල් සමාගම ලීටරයකට රුපියල් පහක් වැඩිපුර අය කරන නිසා ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (17දා) අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

සීගිරිය, අව්ඩන්ගාව ප්‍රදේශයේදී බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් බන්ධනාගාර සැරයන්වරයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තබේ.

Read More

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ.

Read More

දිවයිනේ අධිකරණ පහකින් විවෘත වරෙන්තු දහයක් නිකුත් කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අද (17) දින සීගිරිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඊයේ (16) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවූ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යෝජනා රැසක් ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

Read More

අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය එළැඹෙන 20 දා තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (16) සේරුනුවර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 02ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පක්ෂ නායකත්වයෙන් තෙරව අගමැති අපේක්ෂකත්වය පිළි නොගන්නා බවත් නායකත්වය පිළිබඳ තීන්දුව ගැනිමේදී එය පාක්ෂිකයන්ගේ කැමැත්ත මත තීරණය කළ යුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

රජයට පවරා නොගත් මාලඹේ පෞද්ගලික රෝහලට වර්තමාන ආණ්ඩුවද රුපියල් මිලියන දෙසිය පනහක මුදලක් මේ වනවිට ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.

Read More

කෑගල්ල ප‍්‍රදේශයේ දෙදරු මවක් සිය ස්වාමියාගේ පිහිපහරට ලක් විමෙන් මිය ගොස් ඇති බව කෑගල්ල පොලීසිය අද ( 17 ) පවසයි.

Read More

දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුකරන බවට පොරොන්දු දුන් එංගලන්ත නව අගමැති බොරිස් ජොන්සන් මහතාගේ ප‍්‍රකාශයට විරෝධය පා පොදුරාජ්‍ය ලංකාව වහා ඉවත්විය යුතුයැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.

Read More

වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් මුලතිව්හි ප්‍රදේශ කිහිපයක සිදු කරගෙන යන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති.

Read More

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සඳහා වු අයවැය ඡන්ද 6 කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17දා) දින සමත් විය.

Read More

ඉදිරි මාස 03 තුළ දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,000 ක් ආවරණය වන පරිදි ’’සපිරි ගමක්’’ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අවමය රුපියල් ලක්ෂ 05ක හා උපරිමය රුපියල් ලක්ෂ 20 ක ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව පැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.