චීනයට කොවිඩ් ගෙනාවේ ඇමෙරිකානු හමුදාවෙන් බවට චෝදනාවක්
කොවිඩ් 19 වෛරසය චීනයේ වූහාන් නරගයට රැගෙන ආවේ ඇමෙරිකානු යුද හමුදාව විය හැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
ඇමෙරිකාවේ CDC හි ප්‍රධානි රොබර්ට් රෙඩ්ෆීල්ඩ් සඳහන් කළ ප්‍රකාශ උපුටා දක්වමින් ලිජියන් මේ බව ප්‍රකාශ කරයි.
මෙහිදී රොබර්ට් පවසා ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා නිසා සිදූවූ මරණවලින් ඇතැම් මරණ කොවිඩ් 19 ආසාදනය වීමෙන් සිදුව ඇති බවට සැකකරන බවයි.
එසේම ඉන්ෆලුවෙන්සා හේතුවෙන් යමෙකු ජීවිතක්ෂයට පත්වූ විට ඔහු මරණයට පත්වූයේ ඉන්ෆ්ලුවෙන්සා නිසාද එසේත් නොමැතිනම් කොවිඩ් 19 නිසාද යන්න තහවුරු කර ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳව අදහස් දක්වන ලිජියන් සඳහන් කරන්නේ ඇමෙරිකාව තුළ ඉල්ෆ්ලුවෙන්සා රෝගීන් මිලියන 34ක් හා මරණ 20000ක් පමණ වාර්තා වන බවත් ඒ අතරින් කුමන ප්‍රමාණයක් කොවිඩ් 19ට සම්බන්ධදැයි ඇමෙරිකාව ලෝකයට ප්‍රකාශ කළ යුතු බවත්ය.
මේ වන විට ඇමෙරිකාවේ රෝගීන් කොපමණ වාර්තා වන්නේද? රෝගීන් සිටින රෝහල්වල නම් මොනවාද? යන්න ඇමෙරිකාව විසින් ප්‍රකාශ කළ යුතු බවත් ඇමෙරිකාවේ දත්ත ලෝකයට ප්‍රකාශ කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

popular news
-
Kumar Saturday, 14 March 2020 10:34 AM
This is what Americans call BS. Most people in the US take immunization every year for the flu. My wife and I had never taken that injection ever and we have been alive for 30yrs in the US. The immunization are free for everybody. I don't take the shot because i hate injection needles. So accusations are false. Every year the type of virus changes and shot changes. Sometimes they get it wrong and elderly pay the price. I may be the only person without the shot in my office. So don't be taken for a ride by the Chinese who owe the world an apology for what they did. Thank to a brave doctor world found out about Covid 19.
Reply : 0 0
Champa Saturday, 14 March 2020 07:17 PM
අපේ කට්ටියගේත් ඇස ඇරෙන්න හොඳ කතාවක්. චීනේ තව රෝගය, රෝගීන් සහ ඒ සඳහා ගත්ත ක්‍රියා මාර්ග ගැන ලෝකයම දැනුවත් කෙරුවට ඇමරිකාව සියලු දත්ත හංගනවා. රෝගීන් බේරා ගන්න ඇමරිකාවට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. එහම වැඩ පිළිවෙලක් හදන්න ඇමරිකාවට ඕනේ තරම් කල් තිබ්බ. ඒ වෙනුවට කරන්නේ ලෙඩ්ඩු මැරෙන්න අරින එක. බටහිර වෙදකමේ පරතෙරට ගිය ඇමරිකානු සහ යුරෝපා රටවල විශාල වශයෙන් රෝගීන් මැරෙනවා.
Reply : 6 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

