saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9488 hours ago

LATEST

අල ලෙස හෙරොයින් ගෙනා පාකිස්තාන ජාතිකයෙක් ​ඇතුළු 7ක් අත්අඩංගුවට

calendar_today 2020 මාර් 13 - 14:12 remove_red_eye - 756  

මීගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අදාළ කන්ටේනරයේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 99 ග්‍රෑම්478ක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජයට සහයෝගය ලබා දෙන ලෙස හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

රටතුළ කොවිඩ් 19 රෝගය වාර්තාවීමත් සමග ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියි.

Read More

සිංගප්පූරුව තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්විමේ පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට සිය රටට ඇතුල්වීම තහනම් කර තිබේ.

Read More

අධ්‍යාපන චාරිකාවක සහභාගිවී සිටියදී ත්‍රිකුණාමලය , ගෝමරන්කඩවැව මැදවච්චිය වැවේ දියනාද්දි දියේ ගිලි හාලිඇල ඌව විද්‍යා විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් මියයාමේ සිද්ධියට විදුහල්පතිවරයා සහ එම චාරිකාවට සහභාගිවූ ගුරුවරු තම වගකීම පැහැරහැර ඇති බව තහවුරුවු බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසීය .

Read More

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය උපදෙස්පි දී තිබේ.

Read More

ඒ අනුව සති දෙකක් තුළ දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි.

Read More

හපුතලේ දඹේතැන්න වතුයායට මායිමේ මාවුස්සාගොල්ල කඳු රක්ෂිතයේ ඇතිවූ ගින්නක් අද (13) දෙවන දිනටත් ව්‍යාප්තව පවතින බවත් ලිප්ටන් සීට් (ලිප්ටන් අසපුව) සංචාරක නැරඹුම් වේදිකාව දෙසට මේ වනවිට පැතිරෙමින් පවතින බවත් හපුතලේ පොලීසිය පවසයි.

Read More

ගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තරඟ සංචාරය අත්හිටුවීම ගැන එංගලන්තය සලකා බලයි.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගෙන යන පූර්වාරක්ෂක වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

පෑලියගොඩ පොලිස් වසමේ පෙතියාගොඩ ප්‍රදේශයේදි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතරොම් 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අප්‍රිකාවේ ඝානා හා ගැබොන් යන රාජ්‍යවලින් පළමු කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ

Read More

කොරොනා වෛරස් අසාදනයට ලක්වුවන් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් නොකල යුතුයැයි බලකරමින් මඩකලපුව ගාන්ධ් උද්‍යානය ඉදිරිපිට අරගලයක් අද (13) දියත් කරන ලදි.

Read More

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම වෙනුවෙන් වෛරස් පරීක්ෂණ කට්ටල 1000ක් හා මුහුණු ආවරණ 50000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය සූදානම් වෙයි.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද(13) පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවා ඇත.

Read More

හෙට සිට (14) බල පැවැත්වෙන පරිදි ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට මගීන් රැගෙන නොඑන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇත.

Read More

අරංගල්විල පොලිස් වසමේ දිඹුලාගල සොරුවිල මාර්ගයේ සොරුවිල ප්‍ර දේශයේදී මාර්ගයේ ගමන් ගත් කාර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ඉවතට පැන ගසක ගැටීමෙන් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ අනතුරින් කාර් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත් වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබු රියදුරු සහ හිමිනම රෝහලට ඇතුලත් කිරීමේදි හිමිනම අපවත් වී ඇත.

Read More

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ බිරිඳ වන සොෆී ටෘඩෝ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථයක් කහතුඩුව පොලිස් වසමට අයත් 3.6 L කණුව අසළදී හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා මේ වන විට මරණ 4600ක් වාර්තා වන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 125000ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් 19 ආරම්භ වූ චීනය තුළ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහළ යමින් පවතී.

Read More

මෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.

Read More

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ආර්. නාගහමුල්ල මහතා පත්කර තිබේ. ඔහු මීට අමතරව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පත් ලෙසද කටයුතු කර යි.

Read More

සියවසක් තුළ රට තුළ ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය හමුවේ මෙම තීරණය ගන්නා බව ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් කියයි.

Read More

පුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට දේශපාලනය පසෙකලා එක්ව සටන් කිරීමට අගමැති නෙතන්යාහු සියලු පක්ෂවලට ආරාධනා කරයි.

Read More

මෙහිදි ෂී සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

Read More

ඉන්දියාවේ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකි.

Read More

භාණ්ඩ හිඟයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත්, එකවර වෙළඳසැල්වලට ගොස් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීම හරහා භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Read More

කෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, වයිබර් හා වට්ස් ඇප් හරහා මහජනයා කලබලයට පත්වන ආකාරයෙන් තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය කරන බවද රජය නිවේදනය කරයි.

Read More

නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජන බලවේගය සමග එක්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.