දියේ ගිලි සිසුන් මියයෑමේ සිද්ධියට ගුරුවරු 4 දෙනෙකුගේ වැඩ තහනම්
අධ්‍යාපන චාරිකාවක සහභාගිවී සිටියදී ත්‍රිකුණාමලය , ගෝමරන්කඩවැව මැදවච්චිය වැවේ දියනාද්දි දියේ ගිලි හාලිඇල ඌව විද්‍යා විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් මියයාමේ සිද්ධියට විදුහල්පතිවරයා සහ එම චාරිකාවට සහභාගිවූ ගුරුවරු තම වගකීම පැහැරහැර ඇති බව තහවුරුවු බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසීය .
ඒ අනුව විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමටත් නියෝජ්‍ය විදුහල්පතිවරයා හා ගුරුවරු 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත් ගුරුවරියන් දෙදෙනා දුෂ්කර සේවය සදහා යැවීමටත් කටයුතු කළ බවද අඹන්වල මහත්මිය පැවසීය.
ඉකුත් මස (19) සවස 6.30 පමණ මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී දියේගිලී ජිවිතක්ෂයට පත්වූයේ අනුහස් සමාධි (ඇටම්පිටිය) , උමේෂ් ශිහාර් ( ගල උඩ )නෙතික සන්ජිත් (හිගුරුගමුව බදුල්ල ) අනුෂ අන්ජන ශ්රීපවන් (ගොටුවල ඇල්ල ) යන සිසුන්ය .
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් , ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් හා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයෙක් ඇතුලත් ත්‍රිපුද්ගල විමර්ශන කණ්ඩායමක් විසින් විශේෂ විමර්ශනය සිදුකර තිබිණ .

popular news
-
Deepal Nirosh Friday, 13 March 2020 02:00 PM
අධ්‍යාපන චාරිකාවට සහභාගි වූ ගුරුවරු කිසියම් වගකීමක් පැහැර හැර තිබේනම් ඊට රාජකාරිමය වශයෙන් නීතිමය පියවර ගත යුතුයි. හැබැයි ඉදිරියේදී තම විදුහල්පති හෝ ඉහළ බලධරයෙකුගේ හෝ විධිමත් පැවරීමකින් තොරව අධ්‍යාපන චාරිකාවලට සහභාගි නො වීමට ගුරුවරුන් සාමූහික තීරණයක් ගත යුතුයි. කෝ අපේ මේ ගුරු සංගම්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
