saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9456 hours ago

LATEST

කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි

calendar_today 2020 මාර් 20 - 14:37 remove_red_eye - 461  

ලොව පුරා රටවල කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 250,000කට ආසන්න වී තිබෙනවා.

කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව ප්‍රකාශ කරයි.

Read More

පැතිර යන කොරෝනා වෛරස් රෝගය පාලනය කරලීම සදහා රජය හා ආරක්ෂක අංශ, විදේශයන් සිට පැමිනෙන පුද්ගලයන් නිරෝධායනය සදහා යොමු කිරිමට රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රා දේශිය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය පවසනවා.

Read More

සියලුම අධිවේගී මාර්ග අද(20) සවස 4 සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය අවධාරණය කළේය.

Read More

දිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල අද දිනයේ සිට සිකුරාදා ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය ( ජමියතුල් උලමා සංගමය) ප්‍රකාශ කරයි.

Read More

නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මාර්තු 19 වන දින සේරුවිල, උප්පුරල් ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

Read More

ලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබු පළමු රෝගියා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 65ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරු 11.00 වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 6ක් සොයාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 17 තුළ පුද්ගලයන් 2463ක් නිරෝධායනයට ලක්වන බවත් එයින් 27ක් විදේශිකයන් බවත් කොරෝනා පාලනය වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් 59 දෙනාගෙන් 22ක්ම ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ කාර්ය සාධක බලකාය පවසයි.

Read More

අද පුවත්පතේ ’ගෙයිහාමි’ හා ’පිංහාමි’ ලිපි රචනා කළ ලේඛකයෙකු මෙන්ම, ස්වර්ණවාහිනිය හරහා විකාශය වූ ’ඇන්ඩ් කොම්පැණි’ නාට්‍යයේ පිටපත් රචකයා මෙන්ම තවත් රූපවාහිනි වැඩසටහන් ගණනාවකට සිය දායකත්වය දැක්වූ නදීෂ් දික්කුඹුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

චීනයේ වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත. බ්‍රහස්පතින්දා අවසන් වූ පැය 24 තුළ වූහාන් නරගයෙන් රෝගීන් වාර්තා වී නොමැත.

Read More

ඉන් අනතුරුව නැවතත් එම ප්‍රදේශවලට අද දහවල් 12.00ට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

Read More

අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 පැතිර යෑමේ අවධානම නිසා බණ්ඩාරවෙල නගරයේදී අද (20දා) දින විෂබීජ නාශක ඉසීමේ කටයුත්තක් සිදුවන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයට නොපැමිණෙන ලෙස බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලාසිටී.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස ලොස් ඇන්ජලීස් පාලනාධිකාරිය සඳහන් කරයි.

Read More

කොවිඩ් ව්‍යාප්තිය පැතිරීම පාලනය කිරීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන මිලියන 40 ක පදිංචිකරුවන්ට සිය නිවෙස්වලම රැඳී සිටින ලෙසට නියෝග කර ඇත.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් තිබේ.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක් ඊයේ (19) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය , පිටත්වීමේ පර්යන්තය , තීරු බදු රහිත සාප්පු සංකීර්ණය , සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය ඇතුළු ගුවන් මගීන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන , ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් වල සහායෙන් අධි සාන්ද්‍ර ඇල්කොහොල් දියර ඉසිමින් දෙවන වරටත් ජීවානුහරණය කළ ආකාරය .

Read More

රාත්‍රී 10.00 සිට නැව දැනුම්දෙන තුරු මෙසේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

පවතින කොරෝනා වෛරස තත්ත්වය මත රක්ෂිත බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම ඔවුන් අධිකරණය වෙත නොකැඳවා විඩීයෝ තාක්ෂණයෙන් සිදුකරන ලෙස උපදෙස් දි තිබේ.

Read More

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ප්‍ දේශීය පෙලිස් ප්‍රධානියා පවසා ඇත්තේ උත්සවය පැවැත්වීම සඳහා සංවිධායකයින් බලධාරීන්ගෙන් අවසර ලබා නොගත් බවයි.

Read More

විනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳ පොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක් බව මහ බැංකුව කියයි.

Read More

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝවක සඳහන් වූ බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (19) සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්ණායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලබන ප්‍රධානතම රෝහල වන මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ දැනට පවතින අවශ්‍යතාවයන් සොයා බැලීම සදහාසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියමහත්මිය(අද) 2020.03.19 දින පස්වරුවේ එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.