saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9450 hours ago

LATEST

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් 30ක්

calendar_today 2020 මාර් 21 - 20:22 remove_red_eye - 726  

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් 30ක් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවැසුවාය. මුලින්ම රෝහල් 18ක් ඒ සඳහා හඳුනාගෙන තිබුණි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19 ක් චීන සෞඛ්‍ය නිලධාරීන් සහ විශේෂඥයින් සහ ඔවුන්ගේ සඟයන් සමග සිකුරාදා දිනයේදී කොරෝනා වයිරසය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ගතහැකි පියවර පිළිබඳ වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

Read More

ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

අද (21) සවස වන විට අනුරාධපුර බන්ධනාගාරය තුළ රැදවියන් නොසන්සුන්කාරි ලෙස හැසිරිමත් සමඟ එහි යම් කලබල ගතියක් ඇති වි තිබේ.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වී සිදූවූ මාරක අනතුරකින් අවුරුදු 17ක් වන තරුණයෙක් ජීවිතක්ෂයකට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

සිංගප්පූරුව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙම මරණ සමග නව කොරෝනා වෛරසය පිටුදැකීමට දැඩි පියවර ගනිමින් සිටියි.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ඊයේ (20දා) පස්වරු 6.00 සිට අද (21දා) පස්වරු 6.00 දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 118ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.

Read More

ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.

Read More

කොරෝනා රෝගීන් පස්දෙනෙකු අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට කොරෝනා රොගින් ප්‍රමාණය 76 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සංඛ්‍යාලේඛනවලට අනුව ස්පාඤ්ඤයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 25%කින් ඉහළ ගොස් තිබේ. නව එකතුව 24,926කි.

Read More

කොරෝනා වෛරස් රෝගය මැඩ පැවැත්වීම සඳහා දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මක බවත් එහි පුද්ගලයන් 496 දෙනෙකු රඳවා නිරෝධායන කටයුතු සිදුකරන බවත් පොලිසිය කියයි.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බොරැල්ල, ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද( 21) ක්‍රියාත්මක විය.

Read More

වරකාපොල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු රිය අනතුරකට ලක්ව වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

වසංගතයක් යනු කිසියම් පැතිර යන රෝගයක් එක් රටක් ඉක්මවා ලෝකයේ විශාල කලාපයක පැතිර යාම ය.

Read More

අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

රජය මගින් පනවා ඇති ඇඳිරි නීතිය අවසන්වූ වහාම පාරභෝගික ජනතාවට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර බොදා හැරීමට විවෘත කරන බව සමූපකාර සංවර්ධන කොමසාරිස් සුවින්ද සිංගප්පුලි මහතා පවසයි.

Read More

ස්විට්සර්ලන්තයෙන් යාපනයට පැමිණ පූජාවක් පැවත්වූ පූජකවරයෙකුට කොවිඩ් වැළදී ඇති අතර එම පූජාවට සහභාගී වූ යාපනයේ 150 ක් සොයා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඉන් දෙදෙනෙකු මේ වන විට රෝහල්ගතව සිටියි.

Read More

චීනය තුළ කොවිඩ් 19 රෝගීන් තෙවැනි දිනයටත් වාර්තා නොවුණත් පිටරටවල සිට පැමිණි පුද්ගලයින් 41කට කොවිඩ් ආසාදනය වී ඇතැයි චීනය නිවේදනය කරයි.

Read More

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවසන්වරට කළ යාවත්කාලින කිරීම අනුව තහවුරු කළ රෝගීන් 72ක් රෝහල් තුළ ප්‍රතකාර ලබමින් පසුවේ.

Read More

මේ අතරින් 9 දෙනෙකුම දඹුල්ලේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථවලින් හා යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදීය.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 20 වන දින කොළඹ වරායේ ජයා බහලුම් පර්යන්තය (Jaya Container Terminal) කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

ඉන්දියානු ජාතිකයින් සමග මෙරට සංචාරයේ නිරත වු අනුරාධපුර- මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ඔහුගේ බිරිඳ සහ දරුවෙකු පංදිචිව සිටි නිවසක් අද (21) නාඋල පොලීසිය විසින් වටලනු ලැබුවා.

Read More

කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ක්‍රමයෙන් බියකරු තත්ත්වයකට පත්වෙමින් දිනෙන් දින ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාම සමස්ත රට වැසියන් මුහුණදෙන බලවත් අවදානමක් බවත් මෙම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැලසීමෙහිලා නිරත වී සිටින සියලු අංශ වෙත සමස්ත ජාතියේ ගෞරවය, කෘතඥතාවය හා පූර්ණ සහය හිමිවිය යුතු බව හිටපු කතානායක කරු ජයසුරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16ක් වාර්තා වන බවයි.

Read More

ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුනි.

Read More

දිවයින පුරා ඇදිරි නීතිය බල පැවැත්වෙන අවස්ථාවේදී දඹුල්ල බුලාගල ප්‍රදේශයේ එක් රැස්ව සිටි දහදෙනෙකු සැකපිට අද (21) දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

Read More

ඊයේ සවස 6.00 ට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 12ක් මේ දක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇඳිරි නිතිය කඩකරමින් ඊයේ ( 20) දින රාත්‍රි කාලයේ හපුතලේ නගරයට ආසන්න ස්ථානයක අවන්හලක් විවෘත කර පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.