කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම පිටරට සිට පැමිණි අයයි
ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. එසේම තවත් 27ක් එම රෝගීන් සමග සමීපව වැඩ කිරීම හේතුවෙන් කොවිඩ් ආසාදනය වූවන් බවද ඇය සඳහන් කළාය.
තවත් දෙදෙනෙකුට කොවිඩ් වැළදී ඇති ආකාරය පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඇය සඳහන් කළාය.
popular news
-
Kumar Saturday, 21 March 2020 08:56 PM
මේ නෝනට කියන්න තිබෙන්නේ නැව අයිස් කන්දේ ගැටුන විට අයිස් කන්දට බැන බැන ඉන්නේ නැතුව ජිවිත බේරගන්න බෝට්ටු දියත් කරන්න කියලයි. මොන රටෙන් පැමිණියත් ලාංකිකයෝ නේද? අර චීන කාන්තාව සිපගත්ත අයට රෝගය හැදිලා නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

