saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9447 hours ago

LATEST

සා. පෙළ ප්‍රථිපල ප්‍රමාද වෙයි

calendar_today 2020 මාර් 22 - 14:40 remove_red_eye - 338  

2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

පොලොන්නරුව වැලිකන්ද මූලික රෝහලේ නව කොරෝනා හෙවත් කොවිඩ් 19 ආසාධිත රෝගීන් 7ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල්ගත කළ මුළු සංඛ්‍යාව 22ක් බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.

Read More

කොව්ඩ් 19 ආසාදිත බවට සැකකෙරෙන රෝගියෙකු නිවසේදී නිරෝධානය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා දක්වන අදහස්.

Read More

ඇඳිරි නීතිය ඉවත් කළ පසුව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳපොළ වෙත පැමිණෙන්නේ නම් එක් නිවසකින් එක් අයෙක් පමණක් පැමිණෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද (22දා) දින කොළඹට කැඳවන ලදී.

Read More

ඉන්දියාවේ සිටි සියලුම බෞද්ධ බැතිමතුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන අවසන් බව රජය සඳහන් කරයි.

Read More

නුවරඑළිය වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය සඳහා වු කිසිඳු උත්සවයක් නොපැවැත්වීමට තීරණය කොට තිබේ.

Read More

ඇඳිරි නීතිය පවතින කාලය තුළම ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරයි.

Read More

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රටට පැමිණෙන සියලුම ගුවන් යානා හා නෞකාවන් තාවකාලිකව නතර කිරිමට රාජය පියවර ගෙන තිබෙ.

Read More

ජනතා ඇඳිරි නීතිය ලෙස ඉන්දියාව මෙම ඇඳිරි නීතිය හඳුන්වන්නේ එය ජනතාවගේ ස්වයං හුදකලාවකට, ජනතා සහයෝගය මත මඟ පාදන බැවිනි.

Read More

ඇල්ල නගරයේ කසළ ගොඩ (21) දින රාත්‍රි සිට ගිනි ගනිමින් තිබෙන බවත් එය නිවාදැමීමට ගිනිනිවන කණ්ඩායම් කිහිපයක් එක්ව අද ( 22 ) දින ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බවත් පොලිසිය පවසයි.

Read More

කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් හත් දෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සෞඛ්‍ය අංශ පවසයි.

Read More

විදෙස් ගතවි පැමිණ තම නිවෙස් තුලම දින 14 ක ස්වයං නිරෝධායනය වු පුත්තලම දිස්ත්‍රික්කය තුල පදිංචි පිරිස් වෙත විශේෂීත සහතිකයක් ලබා දිම ආරම්භ කල බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙල් නිවේදනය කළේ දින 30ක රට පුරා ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන බවයි.

Read More

උතුරු ප්‍රදේශයේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ වන විට පියවර ගෙන තිබේ.

Read More

සෙනසුරාදා චීනයේදී කොවිඩ් 19 තහවුරු කළ රෝගීන් 46ක් වාර්තා වූ අතර එයින් රෝගීන් 45ක්ම විදේශයන්හි සිටි චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

මෙය මෑතකදී ප්‍රකාශයට පත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 500 ට අමතරව ලැබෙන මූල්‍ය පහසුකමකි.

Read More

විවිධ රටවලින් මෙරට සංචාරය කිරිම සදහා පැමිණි විදේශිකයින් 18 දෙනෙකු ගාලු වරාය පොලිස් බල ප්‍රදේශය තුළදි ස්වයං නිරෝධායනයට ලක්කොට ඇතිබැව් ගාල්ල වරාය පොලීසිය පවසයි.

Read More

කොරෝනා ව්‍යාප්තිය වැළැක්විම සඳහා මාර්තු 20 වෙනිදා පස්වරු 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය අද (22) වන උදෑසන 9.00 වන -ක්වා කාලය වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13048ක් වාර්තා වනබවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් බවත් ජොන්ස් හෝපිකිංග්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ජැක් මා පදනම සහ අලිබබා පදනම COVID-19 ට එරෙහි ගෝලීය සටනට සහාය වීම සඳහා ආසියාවේ තවත් රටවල් 10 කට අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

Read More

මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 12,944ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත කියයි.

Read More

මියගිය සමස්ත සංඛ්‍යාව 4,825 ක් දක්වා වර්ධන විය. මෙය කොවිඩ් 19 හේතුවෙන් රටක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.

Read More

දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ (21) දින රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19 ක් චීන සෞඛ්‍ය නිලධාරීන් සහ විශේෂඥයින් සහ ඔවුන්ගේ සඟයන් සමග සිකුරාදා දිනයේදී කොරෝනා වයිරසය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ගතහැකි පියවර පිළිබඳ වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට 10000ක් ස්වයං නිරෝධානය ක්‍රියාවලියට අනුගත කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 සැකකටයුතු මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.