saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9442 hours ago

LATEST

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවයි

calendar_today 2020 මාර් 23 - 17:39 remove_red_eye - 1036  

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පැවති සාකච්ඡාවකදී පැවසීය.

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍ර​ම මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

හෙට පෙරවරුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීමත් සමග සුවසැරිය ගිලන් රථ සේවාවටද අධික ඉල්ලුමක් ඇතිව තිබේ. නමුත් මේ අවස්ථාවේදී ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

පැය 10 ක කාලයක් ඇතුලත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 50 ක ට වැඩි ප්‍රමාණයක් 23 දින අලෙවි කර ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව 222 සිට 227ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ජර්මනිය තුළ සඳුදා දිනයේදී මරණ 86 ක් වාර්තා වූ අතර මේ වන විට එරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22,672 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

COVID 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නිකුත් කර තිබේ.

Read More

සෞදි අරාබිය - අද මධ්‍යම රාත්‍රියේ සිට සතිතුනක කාලයක් සඳහා රාත්‍රී 7 සිට පසුදින අලුයම 6 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 23) කටයුතු කරන ලදි.

Read More

බිත්තර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා ප්‍රකාශ කරයි.

Read More

2019 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත් මැයි 15දා තෙක් දීර්ඝ කර ඇති බව රජය නිවේදනය කරයි.

Read More

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ.

Read More

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇති බව ජනපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

Read More

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් බව රජය නිවේදනය කරයි.

Read More

දිවයිනේ ඕනැම පළාතකට බෙදා හැරීමට තරම් එළවළු තොග නුවරඑළියේ ඇති බවත්, අවශ්‍ය ඕනෑම අයෙක් ඉල්ලිම් කරන්නේ නම් එළවළු තොග ලබාදීම සඳහා නුවරඑළිය ආර්ථීක මධ්‍යස්ථානය සුදානම් කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ සහතික වි තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වේලාවට නිසි පියවර නොගත් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) රජයට රුපියල් මිලියන 25 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

Read More

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ගෙන් 580 දෙනෙකු ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ පිහිටුවා ඇති කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයන්හි මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වන බවට ගුවන් හමුදාව පවසයි.

Read More

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි. මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි.

Read More

නව කොරෝනා වෛරසය හමුවේ මේ ආකාරයෙන් තම නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උඩු යටිකරු කළ ප්‍රථම සමාගම ඔවුන් නොවෙයි.

Read More

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ.

Read More

කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැත.

Read More

පොලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23දා) අඵයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත්කොට ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.

Read More

ඉරිදා දිනයේදී ජපානය තුළ කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 5 ක් වාර්තා වූ අතර මේ දක්වා ජපානයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය වෙයි.

Read More

නවසීලන්තය බදාදා රාත්‍රියේ සිට මාසයක කාලයක් රට වසා දැමීමට තිරණය කර තිබේ. ඒ අනුව බදාදා රත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරව මුළු රටටම රැඳී සිටිය යුතු බවට නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ.

Read More

එසේම යතුරු පැදි, ත්‍රි රෝද රථ හා වෙනත් වාහන 447ක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2020 මාර්තු මාසයට අදාළ වැඩිහිට හා රෝගාධාර ග්‍රාම නිලධාරීන් මගීන් ගෙවීමට සැලසුම් කර ඇති බවත් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී සම්බන්ධ කර ගනිමින් සිය දීමනාව ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් රජය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් එක්සත් ජනපදයේ පසුගිය පැය 24 තුළ 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංක්‍යාව සංඛ්‍යාව 389 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.