saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9173 hours ago

LATEST

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61ක් දක්වා ඉහළට

calendar_today 2020 මැයි 21 - 11:09 remove_red_eye - 733  

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු දිනයෙ සිට ඊයේ (20) දිනය දක්වා දින 89 ක් තුල කොවිඩ් 19න් වෛද්‍යවරුන් 163 ක් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

Read More

මෙම නාවික හමුදා රණවිරුවන් 16 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 237ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Read More

භික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව,ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුලු විවිධ මාධ්‍ය මගින් මේ දිනවල සුලභ ලෙස පෙනි සිටින බව ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශාසානරතන හිමියෝ අද (21දා) ශාසනික නිවේදනයක් නිකුත් කරමින් පැවැසූහ.

Read More

බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ ආසාදිත අගය 20,000ක වාර්තාගත වැඩිවීමක් සමග සමස්ත ආසාදිතයන් 291,579ක් දක්වා ඉහළට පැමිණ තිබේ.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැක කරන රෝගීන් සංඛ්‍යාව අද (21දා) දිනය වන විට තිදෙනෙකු දක්වා පහත බැස ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් වෙන්ටිලේටර්ස් මිලදී ගැනීමේදී වැඩි මිලට ඒවාගෙන මුදල් යටිමඩි ගසා ඇති බවට දූෂණ චෝදනා මත සෞඛ්‍ය ඇමති අත්අඩංගුවට පත්වෙයි.

Read More

මාර්තු මස 20 වන දින සිට අද (21) දින උදෑසන දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093ක් බව පොලීසිය නිවේදනය කරයි.

Read More

(UPDATE) 11.00 AM අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදානය වී තිබේ. ඒ අනුව එම තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබේ.

Read More

දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල අද දිනයේදී (21දා) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙම ආසාදිත පාසල් සිසුන් දෙදෙනා මීට පෙර දකුණු කොරියාවේ ආසාදිතයන් හමුව තිබූ කැරොකී කාමරවල සිට ඇති බව මේ වනවිට තහවුරු වී ඇත.

Read More

’වැලපීමේ දිනයට’ සහභාගී වූ එක්සත් ජනපද විරෝධතාකරුවෝ, ’’එක් ජනාධිපතිවරයෙකුට සොහොන් කීයක් හාරා ගත හැකිදැයි?’’ විමසමින් ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාරය සමච්චලයට ලක් කළහ.

Read More

නිව්යෝක් මරණ 28,636ක්, නිව් ජර්සි මරණ 10,749ක්, මැසචුසෙට්ස් මරණ 6066ක්, මිචිගන් මරණ 5,060ක්. සමස්ත ආසාදිතයන් ලක්ෂ 15.5 පනී.

Read More

ගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 106,000ක් වාර්තා වී ඇති අතර, ඉන් තුනේන් දෙකක්ම රටවල් 4කින් බවත්, අවදානම අවසන් නොමැති බවත් කියයි.

Read More

ඉන්දියාවට හා බංග්ලාදේශයට බැටදෙමින් ඇතුළු වූ සුපිරි සුළි කුණාටුවෙන් දැනටමත් ජීවිත හා දේපොළ හානි රැසක් සිදුව ඇති බව කියයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ බවට ශ්‍රී ලංකාව තළ අද දිනයේදී පළමු රෝගියා තහවුරු කර ගැනීමට හැකිව තිබේ.

Read More

පසුගිය දින කිහිපයේදී මුහුදේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 30ක් පමණ ඉන්දුනීසියානු මුහුදු ප්‍ර දේශය බලා යාත්‍රා කර ඇති බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

’’බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට මා විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිලිබඳ කණගාටුව පල කරමි.’’

Read More

තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත හෙට(21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.

Read More

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද කුමාර සකලසූරිය මහතාව ( පොදුජන පෙරමුණ ) එම පදවියෙන් ඉවත් කොට සභාපති පදවියේ වැඩ බැලීම සඳහා එහි උපසභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර තිබේ.

Read More

කොළඹ මැනිං වෙළඳ පොළේ වෙළදුන් PCR පරීක්ෂණට ලක්කිරිම සඳහා අද කොළඔ බැස්ටියන් මාවතේදි සාම්පල ලබාගැනීම සිදු කර තිබේ.

Read More

ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා චීනයේ ආයතන දෙකක් මුදල් පරිත්‍යාග කර තිබේ.

Read More

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ රුපියල් 2,205,448.89 ක් අද (20) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ඊට එක්ව සිටියේය.

Read More

කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා සිටිය නොහැකි බවත්, කොරෝනා තුළ ජීවිතය යළිත් ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාකච්ඡා කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය.

Read More

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11 කට අයත් සාමාජිකයින් 45ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ (19) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්‍රෑම් හැටක් සහ ග්‍රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිවෙසක ඉහළ මාලයේ කාමරයක සඟවා තිබියදී එක් සැකකරුවකු සමඟ තංගල්ල දිස්ත්‍රීක් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය වී ඇතැයි පැහැදිලි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 233ක් අද දිනයේදී නිරෝධානය මධ්‍යස්ථාන තුළින් මුදා හැර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

පසුගිය දින 18ට සමාජය තුළින් කොවිඩ් රෝගීන් වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.