ද.කොරියාව පාසල් විවෘතකළ දිනම ආසාදිත සිසුන් 2නෙක්
කොවිඩ්-19 වසංගතය හමුවේ වසා දමා තිබූ පාසල් යළි විවෘත කළ දිනම ඉන්චියොන් නගරයේදී වෛරසය ආසාදිත සිසුන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග පාසල් යළි වසා දැමෙයි.
සෝල් නුවරට බටහිරින් පිහිටි ඉන්චියොන් නගරයේ පාසල් සිසුන් විශාල පිරිසක් නැවත පාසල් පැමිණි දිනයේදීම මෙම ජ්‍යෙෂ්ඨ පාසල් සිසුන් දෙදෙනා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තහවුරු කරගෙන ඇති අතර, ඒ අනුව අදාළ ඔවුන් දෙදෙනා ඉගෙනුම ලැබූ පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.
කෙසේ වෙතත් එම නගරයේ වූ සෙසු පාසල් 66ක් විවෘත කර පැය 2ක් ඇතුළත යළිත් තාවකාලිකව වසාදමා ඇත්තේ තවදුරටත් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා වූ පරීක්ෂණ අවසන් වන තුරුය.
මෙම ආසාදිත පාසල් සිසුන් දෙදෙනා මීට පෙර දකුණු කොරියාවේ ආසාදිතයන් හමුව තිබූ කැරොකී කාමරවල සිට ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.
ඒ අනුව මෙම සිද්ධීන්ද දකුණු කොරියාවේ මෑත කාලීන ඉටෙවෝන් රාත්‍රී සමාජශාලා පොකුරු ආසාදනයට සම්බන්ධ යැයි විශ්වාස කෙරේ. මේ වනවිට ඉටෙවොන් රාත්‍රී සමාජශාලාව සම්බන්ධ සිද්ධීන් 200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව දකුණු කොරියානු බලධාරීහු පවසති.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

