saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9094 hours ago

LATEST

පොදු ප්‍රවාහන සේවා පිළිබද අවසන් තිරණය හෙට

calendar_today 2020 ජුනි 07 - 18:28 remove_red_eye - 165  

පොදු ප්‍රවාහන සේවා සම්බන්ධ අවසන් තිරණය හෙට (8) ජනාධිපතිවරයා සමඟ පැවැත්විමෙන් පසුව ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

හෙට (08) සිට පුද්ගලික බස් ධාවනය කිරිමේ දි බස් හිමියන්ට ගැටළු රැසකට මුණදිමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

Read More

පොළොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදි ඊයේ රාත්‍රියේ වෙඩි වැදිමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More

පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Read More

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොරෝනා ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 488 දෙනෙකි.

Read More

සජිත් අලියා අමතක කරනවා කියන්නේ වදාපු අම්මයි, උපන් පළාතයි අමතක කරනවා වගේ යැයි හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය මර්දනය කරමින් රට යළි යථාතත්ත්වයට ගෙන එමින් පවතින අවස්ථාවක නිරෝධායන නීතින්වලට යටත්ව ජනතාවට යළි ආගමික ස්ථාන වෙත යාමට අවස්ථාව සලසා දෙන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියි.

Read More

හම්බන්තොට මහරෝහල තුල ස්ථාපිත කරනලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ covid 19 අසාදනයවී සිටි පළමු රෝගියා සුවවී අද (07)දින රෝහලින් පිටව යන ලදී .

Read More

තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පස්වරු 3.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 3.30 දක්වා වලංගු වෙයි.

Read More

“කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා එප්පාවල පොහොර නිධිය ආරම්භ කරන්න එතකොට අපිට ටීඑස්පී එහෙම ගේන්න ඕනෑ නැහැ. අවුරුද්දක් ඇතුළත මේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න පුළුවන් යැයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

වැඩිම මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ ඉතාලිය එහි මරණ සංඛ්‍යාව අනුව පසුපසින් පෙළ ගැසෙයි.

Read More

මුලතිව් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක දී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් තිබී සොයාගත් බවට නාවික හමුදාව පවසයි

Read More

කාත්තාන්කුඩි මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා ආසදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබලුන් 13 දෙනෙකු ඊයේ සවස දියතලාව කඳවුරට යවන ලදී.

Read More

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ සහභාගිත්වයෙන් පෙරහුරු මැතිවරණයක් අද අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත් වුණා.

Read More

බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියකදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන ඇති බවට වාර්තා වේ.

Read More

සාමාන්‍ය වැඩකරන දිනක දුම්රියෙන් මගීන් 147000 වඩා වැඩි පිරිසක් ගමන් ගන්නා අතර සියළු දුම්රිය ධාවනයේ යෙදවුවද දුම්රය ආසන ඇත්තේ 26 000 ක් පමණක් බැවින් දුම්රිය ගමනාගමනයේදී අර්බුදයක් මතුවිය හැකි වුවද ඊට වඩා දුම්රිය යෙදවීමේ හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(වාණිජ) වී එස් පොල්වත්තගේ මහතා පැවසීය.

Read More

අද(07) දිනය තුළ තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය නැවත ආරම්භ කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බව එහි ප්‍රකාශක පැවසීය.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 15 දෙනෙකු 2020 ජුනි 06 සහ 07 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්, සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 06 වන දින විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

Read More

COVID -19 රෝගීන් වෙනුවෙන් ඉදිකරන විශේෂ ප්‍රතිකාර ඒකකයක් අනුරාධපුරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

Read More

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට දෙදෙනෙකුට පැමිණීම සඳහා සහය දුන් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (06) දින මඩු හා මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් උග්ගල්බඩ ප්‍රදේශයේදී වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී එහි තිබූ පොලිස් 56 ගිනි අවියක් සහ හිස් පතරොම් ගැබ් 4 ක් වීසි කොට පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පවසයි.

Read More

මැතිවරණ කොමිෂමේ සාමාජික රත්නජීවන් හූල් මහතා එක්සත් ජාතික පක්ෂයට සමීපව කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප වුවත් අධිකරණ තීන්දුව නිසා පෙත්සම් ගොනු කළ කණ්ඩායම පෙත්සම් සඳහා සහයෝගය දුන් කණ්ඩායම ජයග්‍රහණය කළ බවත් එයින් විසි වෙනිදා ඡන්දය පැවැත්වීමට සූදානම්ව සිටි ආණ්ඩු පක්ෂය පරාජය වූ බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

Read More

හෙට සිට (08දා) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිණ.

Read More

රත්මලාන, සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය සමග කළ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වැලි මිල ඉහළ නැංවීම වෙනුවෙන් ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් සිදුකරන විවිධ ක්‍රියාවන් නැවැත්වීම වෙනුවෙන් ඉදිරි සති දෙකක කාලය තුළදී ලංකාවේ ඒ ඒ දිස්ත්‍රික්ක වෙනුවෙන් නිශ්චිත වැලි මිලක් හඳුන්වාදීමට කටයුතු කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.