saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8622 hours ago

LATEST

නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරිමට නව ක්‍රියා පටිපාටියක්

calendar_today 2020 මැයි 05 - 19:55 remove_red_eye - 374  

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොවිඩ් 19 වසංගත කාල සීමාව තුළ දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනය හා විවිධ රටවලින් ගෙන්වන නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබේ.

අද (5) දිනය වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු නව රෝගින් නව දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් හා රාජ්‍ය සේවකයින් ඇතුළුව පුද්ගලයින් 210කට ආසන්න පිරිසක් හෙට (6) දිවයිනට පැමිණිමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මැයි මස 11 දින සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී බස්නාහිර පළාත තුළ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ධාවනය කෙරෙන බස් රථවල මගීන් ප්‍රවාහනය කිරීමේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කළ හැකි ද යන්න සම්බන්ධව අවධානය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

Read More

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිස් මෙය අතර හමුවක් අද (05දා) විජේරාමයේ නිල නිවසේදී පැවැත්විණි.

Read More

ස්විට්සර්ලන්තයේ මෙරට තානාපති හෑන්ස් පීටර් මොක් (Hans Peter Moock) මහතාගේ උපදෙස් මත වාරියෝ සිස්ටම් ( VARIOSYSTEMS) ආයතනය කොරෝනා මර්දනය සඳහා රුපියල් මිලියන 12ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි. ‍

Read More

ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙම ආසාදිතය පිරිස නාවික සහ යුද හමුදා සාමාජිකයින් , නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතම ඥාතීන් සහ ඉතාලියේ සිට පැමිණ දිවයිනේ විවිධ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනයට ලක් වෙමින් සිටියදී ආසාදිතයන් බවට පත්වූ පුද්ගලයන් බවද වෛද්‍ය ෆරීඩ් මහතා පැවසීය.

Read More

කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් හඳුනාගනු ලැබූ බේරුවල පොලිස් බල ප්‍රදේශයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානය තුළ රාජකාරි ආවරණය කළ පොලිස් නිලධාරීන් 60 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කර පී සී ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙකුත් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇතැයි බේරුවල පොලීසිය අද (05) පැවසීය.

Read More

ඇඳිරි නීතිය කාලයේත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. මෙම ව්‍යාපෘතිය අතරමග නැවතීමේ හැකියාවක් තිබුනේ නෑ. අපි මෙම ව්‍යාපෘතිය නැවැත්තුවානම් විදේශීය සමාගමට එක පැයකට රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙවීමට සිදුවෙනවා.

Read More

බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 39 දෙනෙකු ඊයේ ( 04) සහ අද( 05) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය පලනය කිරීම සදහා හුදකලා කෙරුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අභයපුර හා සෝමපුර ගම්මාන දෙක අද (05දා) විවෘත කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පවසයි.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 33ගෙන් 31ක්ම නාවික හමුදා වැලිසර කඳවුරේ රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

මෙම රෝගීන් 11 දෙනා සමස්ත රෝගීන් 755තුළ අන්තර්ගත වෙයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ගෙවීගිය පැය 24ට රුසියාවෙන් තවත් ආසාදිතයන් 10,102ක් සමග සමස්ත ආසාදිත අගය 155,370ක් වෙයි.

Read More

2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 04) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි කොවිඩ් මරණය වාර්තා වී තිබේ. කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 52ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇඳිරි නීතිය ලිහිල් වීමත් සමඟ මහනුවර නගරයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය අතට පත්ව තිබුණද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු පැමිණ බව හෙළිවීමත් සමඟ මහනුවර මධ්‍යම වෙළඳ පොළ විෂබීජහරණය කිරීම සඳහා තවදුරටත් වසා දමා තිබේ.

Read More

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර තිබේ.

Read More

විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.

Read More

සඳුදා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාවගේ ඉවක්බවක් නැති හැසිරීම නිසා මෙම නව බද්ද පණවයි.

Read More

දුම්වැටි සහ මත්පැන් අලෙවිය පසුගිය වසරේදී සීඝ්‍රලෙස අඩුවී ඇති බවත් ජනතාවගේ දැනුවත්භාවය වැඩිවීම ඇතුළු සාධක කිහිපයක් මේ සඳහා හේතුවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2019 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

Read More

මධ්‍යම පළාත තුල මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉන් මහනුවරින් 31ක්ද මාතලෙන් 07 ක්ද නුවරඑළියෙන් 03 ක් ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

Read More

රෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් මෙසේ නිකුත් කර තිබේ.

Read More

මාස 2කට ආසන්න කාලයක් වසාදමා තිබු ඉතාලිය ඊයේ (4) දිනයේදි ලිහිල් කිරිම ආරම්භ කළත් ඊයේ (04) දිනයේදි පමණක් සිදුකල කෝවිඩ් 19 රෝගින් හඳුනා ගැනිමේ පරික්ෂණ 48,684 අතරින් රෝගීන් 1,221 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

පාකිස්තානයේ සමස්ත ආසාදිතයන් 21,501ක් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 486ක් බව සඳහන් වෙයි.

Read More

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.