එක්කෝටි දශ ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදු කළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට දින පතා ලක්ෂ ගණනක මුදල් තැන්ප වීම හේතුවෙන් ඒ පිළිබඳව ඇති වූ සැකයක් මත පරීක්ෂණ ඇරඹූ බොරලැස්ගමුව පොලිසිය රුපියල් එක්කෝටි දශ ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් සීයක් සහ රුපියල් ලක්ෂ 5 කට අධික ඩාන්සින් මත් පෙති තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බිරිඳ යොදවා මත්ද්‍රව්‍ය ලබා දෙන පුද්ගලයාගෙ දුරකතනයට ඇමතුමක් ලබාගෙන එම පුද්ගලයා බෙල්ලන්විල විහාරස්ථානය අසලට කැඳවීමෙන් අනතුරුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් හා සිවිල් වාහන දෙකක් යොදාගෙන මත්ද්‍රව්‍ය ලබා දීම සඳහා සුඛෝපභෝගී කුඩා මෝටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරු මත මත්කුඩු තොගය සමග පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
