STF මෙහෙයුමකින් හෙරෝයින් හා යුද හමුදා නිල ඇදුම් කිහිපයක් සොයා ගනියි
හෙරොයින් මත්කුඩු, යුධ හමුදා නිල ඇදුම් හා රුපියල් ලක්ෂ ගණනක මුදල් තොගයක් සමග අයෙක් අද (2 ) පස්වරුවේදි අහුන්ගල්ල ,වැලිකන්ද ,බෝගහපිටිය ප්රදේශයේදි සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කදවුරේ නිලධාරිහු සමත්වූහ.
හෙරොයින් මත්කුඩු ග්රැම් 4යි මිලිග්රැම්130ක් ,යුද හමුදා නිල ඇදුම් 10ක් හා රුපියල් 697,600ක සැකකරු ළග තිබී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු ශ්රි ලංකා යුද හමුදා සේවයෙන් පලා ආ අයෙකු බවත් ඔහු මීට පෙරද මත්කුඩු ලග තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇප මත සිටින අයෙකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
කරන්දෙණිය - සුසිල් ප්රියන්ත

popular news
-
Don Sunday, 02 August 2020 07:51 PM
Weerodhara Ranawiru label cannot be easily used now, due to these culprits.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
