saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8961 hours ago

LATEST

වැලිකඩ පොලීසියේ සැරයන්වරයෙකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට

calendar_today 2020 අගෝ 27 - 17:55 remove_red_eye - 317  

වැලිකඩ පොලීසියට අනුයුක්ත සැරයන්වරයෙකු හෙරෝයින් ග්‍රෑම් 9ක් සමඟ අම්පාර ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය පාතාල කල්ලි නායකයෙකු වන “සමයං“ නමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාධිතයෙකු හමුවූ බව හලාවත රෝහල් අධ්‍යක්ෂ කේ. පී. මල්ලවආරච්චි මහතා පවසයි.

Read More

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරවක් වෙනුවට සහල් කැඳ වීදුරුවක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩ මුළුවේදී කියලා තියෙනවා මන්ත්‍රිවරයෙකුගේ කෑම වේලට රුපියල් 3000ක් යනවා කියලා. මින්ස්සු අහනවා රත්තරන්ද ගිලින්නේ කියලා. සෑම දෙනාගේම වියදම මන්ත්‍රීවරු ගාණෙන් බෙදලා මේ ගාන කියන්නේ. මම අද උදේ කාපු කෑම වේලේ මාළු කුනු වෙලා තිබුණේ. ගෙදර කෑම එක මීට වඩා හොඳයි. මේ ගැන ඇත්ත කියන්න.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයේ අද දිනයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් හා කථානායකවරයා අතර උණුසුම් වාදයක් ඇතිවිය.

Read More

කෝවිඞ් 19 වෛරසය ශරීරගතව ඇද්දැයි පරීක්‍ෂා කිරීමට හැත්තෑ දෙනෙකුගේ පීසීආර් සාම්පල් ලබාගැනීම ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියේදී අද ( 27) දා සිදු කෙරිණි.

Read More

සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා ආණ්ඩුවේ වයදම් පියවා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේදී ඔහු කළ වාචික ප්‍රකාශය අනුව ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 1900ක් වුවත් මුද්‍රණය කර දුන් වාර්තාවේ ආණ්ඩුවේ වියදම ලෙස දැක්වෙන්නේ රුපියල් බිලියන 1745ක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

ඉහල කොත්මලේ ජලාශයට තලවකැලේ නගරයේ ඇතැම් වෙළදසැල් හිමියන් සහ පදිංචිකරුවන් තම වෙළදසැල් වල සහ නිවාස වල අපජලය සහ වැසිකිලි මලද්‍රව්‍යය සෘජුවම මුදා හැරි පිරිසකට අද (27) දින රතු නිවේදන නිකුත් කිරිමට තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කලහ.

Read More

රී ලංකාවේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 500,000ක්, පමණ වේ.එම ජාතික අවශ්‍යතාවයෙන් 10% මහවැලි කලාප ඉඩම් වලින් සපුරා ගැනීමට ක්‍රියා කරන බවයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පෙන්වා දෙන්නේ.බඩඉරිඟු බහුලව භාවිතා කරනු ලබන්නේ කුකුළු ගොවිපළ සඳහා ය ( කුකුළු ආහාර සැකසීම සඳහා). එම ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයෙන් 85% කි.3% පමණ ප්‍රමානයක් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අතර, මිනිස් පාරිභෝජනය සඳහා යොදා ගන්නා ප්‍රමානය 12% කි.

Read More

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සුව ආහාර අලෙවි මධ්‍යස්ථනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා විසින් විවෘත කරන ලදී.

Read More

බලපෑමට ලක්වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

තමන් දුක් මහන්සියෙන් වගා කර ගෙඩි හටගනිමින් තිබූ ගස් ලබු වගාවට යම් කිසි පුද්ගලයෙකු විසින් වල් නාශක ගසා විනාශ කර දමා ඇති බව පවසමින් ගිරිතලේ පුරාණගම ගොවියෙකු විසින් ඊයේ (26දා) දින පැමිණිල්ලක් දමා ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.

Read More

මාලදිවයින සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද (27) දින දහවල් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කවුරුන් කුමක් කීවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇති බවත් ඒ නිසා කුමන බාධක ආවත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම අහෝසි කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අද (27) පෙරවරුවේ ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.

Read More

කොරෝනා ආසාදනය වි සිටි පිරිසෙන් අද දිනයේ 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ.

Read More

පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිනොකර ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25 කපමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති බවට අමත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි. මෙසේ වැඩිපුර මුදල් ගෙවීමට සිදු වන්නේ අවුරුදු 5 ක් වැඩ ආරම්භ නොකොට ප්‍රමාද කිරීම නිසාය.

Read More

ඉන්දියාවේ සිට උතුරට රැගෙන එන ලද කේරලගංජා දිවයිනේ වෙනත් ප්‍රදේශයන් වෙතට ප්‍රවාහනය කරන ප්‍රභල ජාවාරම්කරුවන් දෙදෙනෙකු කේරල ගංජා තොගයක් සමගම අද (27) අලුයම් කාලයේදී වන්නි යුදහමුදා බුද්ධිඅංශ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Read More

රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමග ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රාජ්‍ය චක්‍ර ලේඛ උල්ලංගණය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ හා උපදේශන සේවා සමාගම විසින් සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවා ඇති බවට ජාතික විගණන කාර්යාලය එම සමාගම සම්බන්ධයෙන් කළ තොරතුරු කැඳවීමක්/විමසීමකින් හෙළිව තිබේ..

Read More

ගම්පහ දිසාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 තුල රාත්‍රී කාලයේ පවත්වාගෙන යනු ලබන හෝටල් පරීක්ෂා කිරීමක් ඊයේ (26) රාත්‍රියේ දී සිදු කෙරිණි.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

යල් පැනගිය පුරාවිද්‍යා පනත වහාම කඩිනමින් සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගලභිධාන මහ නාහිමියෝ අවධාරණය කරති.

Read More

අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට වෙළඳ අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, ධීවර අමාත්‍ය, වැවිලි අමාත්‍යවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ශෂේන්ද්‍ර රාජපක්ෂ හා අරුන්දික ප්‍රනාන්දු යන අය ඇතුළත් වෙති.

Read More

දඬුවම නියම කිරීමේදී මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් කියා සිටියේ එවැනි අපරාධයක් සඳහා සීමිත කාලයක් ප්‍රමාණවත් නොවන බවත්, ටැරන්ට් කිසිදු පසුතැවිල්ලක් නොපෙන්වූ බවත්ය.

Read More

රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් මාසය දක්වා වෙනුවෙන් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ වියදම රුපියල් බිලියන 1900ක් වන අතර එම වියදම් පියවා ගැනිම වෙනුවෙන් රුපියල් බිලියන 1300ක ණයක් ලබාගැනිමට අපේක්ෂා කරයි.

Read More

පුගොඩ විශේෂ බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ගල්කිස්ස පොලිස් වසමේ සේරම් පාර ප්‍රදේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් විසා නොමැතිව මෙරට රැදි සිටි විසේශික කාන්තාවන් 9ක් සහ පිරිමි පුද්ගලයින් 4ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ විනිසුරු අක්බාර් මවතා හා උත්තරානන්ද මාවත තුළ මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.