ඇඹිලිපිටියේ 70 දෙනෙකුගෙන් PCR පරීක්ෂණයට සාම්පල් ගනී
කෝවිඞ් 19 වෛරසය ශරීරගතව ඇද්දැයි පරීක්ෂා කිරීමට හැත්තෑ දෙනෙකුගේ පීසීආර් සාම්පල් ලබාගැනීම ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියේදී අද ( 27) දා සිදු කෙරිණි.
ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් හයකින් තෝරාගත් පිරිසකගේ මෙම පීසීආර් පරීක්ෂණ සඳහා සෙම පටල ගනු ලැබීය.
සෙම පටල ලබාගත් පිරිසට ඒ බව කලින් දන්වා රෝහල් භූමියට ඔවුන් සිය කැමැත්තෙන් ගෙන්වා ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර මහතා පැවසීය.
ත්‍රිරෝද රථ රියදුරන්, යාචකයින්, බස් රියදුරන්, මීට පෙර නිරෝධායනයට ලක් කළ අය ගෙන් ද මෙලෙස පීසීආර් පරීක්ෂණ සඳහා සෙම පටල ලබාගත්තේය.
ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මදුරා මහත්මිය පැවසුවේ ඉදිරියේදී මේ ආකාරයට කෝවිඩි 19 වෛරසය ශරීරගත වූවන් සොයා ගැනීම සඳහා අහඹූ ලෙස පීසීආර් පරීක්ෂණ සඳහා සෙමපටල සාම්පල් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.
අජිත්ලාල් ශාන්තඋදය - කොලොන්නේ නානායක්කාර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

