පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන්, සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, යන මන්ත්‍රීවරුන් නිල බලයෙන් එහි සාමාජිකයෝ වෙති.
ඔවුනට අමතරව චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.ඇල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදියුදීන්, ආර්.එම්.රංජිත් මද්දුමබණ්ඩාර, මනෝ ගනේෂන්, ඒම්.ඒ.සුමන්තිරන්, අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

