saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8360 hours ago

LATEST

මගේ ඡායාරූප මැතිවරණයට ගන්න එපා - ජනපති

calendar_today 2020 ජුලි 01 - 21:23 remove_red_eye - 449  

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1423 ඉක්මවා තිබේ.

Read More

ජනාධිපතිතුමා සමඟ එකට වැඩ කරන්න පුළුවන් පිරිසකට ආණ්ඩු ලබා දිය යුතු බැවින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කර තුනෙන් දෙකක බලයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්ක අපේක්ෂ කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ලෝකයේ බලවත් රටවල් ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, චිනය, රුසියාව යන කිසිවෙකුට බැරිවුණ මේ කොරෝනා මර්දනය ලංකාව ඉතා හොඳින් මර්දනය කරලා තියෙනවා යැයි පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වි චානක සඳහන් කරයි.

Read More

නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්‍රවාහන කල 1059 දුම්රිය හැටන් දුම්රිය ස්ථානය අසලදි පිළි පැනිමට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

නවීන් කියන උස මිනිසා කවුද?

Read More

විශ‍්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ගේ විශ‍්‍රාම වැටුප් අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩවී ඇති හෙයින්, අමාත්‍ය මණ්ඩලයේ එම තීරණය අඩංගු චක‍්‍රලේඛය බලරහිත කරන්නැයි ඉල්ලමින් හිටපු විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයා, විශ‍්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකිමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු විශ‍්‍රාමිකයින් 95 දෙනෙකු අභියාචනාධිකරණයට අද (01) රිට් පෙත්සමක් ගොනු කළහ.

Read More

පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු ද සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 63 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/01 දින සවස චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

Read More

යාපනය සිට කොළඹට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකක් සහ කේරළ ගංජා කිලෝ 25 ක් සමඟින් පුද්ගලයකු අද (01) දින යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇතැයි පැවසෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා පිළබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙන බව අද (01) සවස පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

Read More

පසුගිය පාලන සමයේ දී රටේ ආර්ථිකයට ‘බිම්බෝම්බ’ ගණනාවක් සවිකර ඇති බවත් හොර රහසේ අත්සන් කර ඇති එම්සීසී ගිවිසුම් 02, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ එකඟතාව, මත්තල ගුවන්තොටුපොළ විකුණා දැමීමේ ගිවිසුම ආදිය එවැනි‘බිම්බෝම්බ’කිහිපයක් බවත් ඒවා නිෂ්ක‍්‍රීය කළ හැකි බලකායක් අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට පත් කර යැවීමට රටට ආදරය කරන සියලූ ජනබලවේග කටයුතු කළයුතු බවත්ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2050ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

කළුතර උතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළදී කම්කරු නිලධාරීනියකට බැණ වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි කළුතර ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී චන්දන ශ්‍රීනාත් ප්‍රනාන්දු මහතාව හා පොලිස් ස්ථානය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පුද්ගලයෙකු අද (01) අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලීසිය පවසයි.

Read More

කොල්ලූපිටිය සමුද්‍ර මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් පිටස්තර පුද්ගලයකුට විකිණීමේ චෝදනාවන්ට වරදකරු වු එකම පවුලේ සිවුදෙනෙකු ඇතුළු පස්දෙනෙකුට බරපතළ වැඩ සහිත 67 වසරක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම වංචනික ඉඩම් විකිණීම හේතූවෙන් අගතියට පත් පාර්ශවයට රුපියල් කෝටි 1 1/2කට ආසන්න වන්දියක් ගෙවීමට අද (01) නියම කළේය.

Read More

හෝමාගම, පිටිපන නිවසකින් අත්බෝම්බ 7, රීපීටර් ෂොට්ගන් 01ක්, උණ්ඩ 04ක්, ආරක්ෂක කබා 02ක්, හඳුනා නොගත් උණ්ඩ 04 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2049ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

මහ මැතිවරණයට අදාළ මාතලේ දිස්ත්‍රික්කය තුළ අද ( 01) දා උදැසන වන විට මැතිවරණ නිති උල්ලංඝණය කිරිමේ සිද්ධින් 73ක් වාර්තා වි ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

මේ චන්දෙදී රාජපක්ෂවරුන්ට විරුද්ධව තනියෙන් හරි සටන් කරනවා .පාර්ලිමේන්තුවටත් ගිහින් හිටගන්නේ රාජපක්ෂවරුන්ට විරුද්ධවයි.මේ චන්දෙන් රාජපක්ෂවරුන්ට ආණ්ඩුවක් පිහිටුවන්න හම්බවෙන්නේ නැහැ.

Read More

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබිණි.

Read More

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (02දා) කැඳවීමට නියමිතය.

Read More

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි උතුර සහ දකුණ කියා වෙනසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොළ දුම්රිය ස්ථාන දෙක අතර පිළි පැනිමට ලක් විම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 37 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන බන්දුල ගුණවර්ධන මහතාගේ සම නිෂ්පාදනයක් වූ ’’ද නිවුස් පේපර් ’’ නැමති චිත්‍රපටය මඟින් අපේක්ෂකත්ව ප්‍රවර්ධනයක් සිදුවන බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙයි.

Read More

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ශ්‍රි ලංකා වරාය අධිකාරිය මගින් පමණක්ම ක්‍රියාත්මක කරන ලෙස හා රැගෙන ආ ග්‍රැන්ටි දොඹකර ECT පර්යන්තයේ ගොඩ බෑම සිදු කරන ලෙස ඉල්ලා එහි සේවකයින් තිදෙනෙක් විසින් අඛන්ඩ වෘත්තීය ක්‍රියමාර්ගයක් වරාය පරිශ්‍රයේ ආරම්භ කර ඇත.

Read More

විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංගණනයක් ආරම්භ කර ඇත.

Read More

වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලාවන්හි ආසන ධාරිතාවයෙන් 50%ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් ඒක් දර්ශන වාරයකට සහභාගි කරවිමේ සිමාවට යටත්ව ජුලි 15 වන දින පටන් රංග ශාලාවන් විවෘත කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් උපදෙස් දි තිබේ.

Read More

වව්නියාව සෙට්ටිකුලම් තුඩරික්කුලම් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී අද (01) උදෑසන ධාවනය වූ ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් අති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.