saravita-anim2

2026 අගෝස්තු මස 03 වන සඳුදා

2026 අගෝස්තු මස 03 වන සඳුදා

Latest News - timelapse 9311 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3373 දක්වා ඉහලට

calendar_today 2020 සැප් 29 - 18:09 remove_red_eye - 329  

තවත් ආසාදිතයින් 8ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3372 දක්වා ඉහල ගොස් ඇත.

බදුල්ල දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර සියයක් පිරෙන 2021 වසරේදි පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

මහනුවර, බූවැලිකඩ පස් මහල් නිවසේ හිමිකරු වු අනුර ලෙව්කේ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරික්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පූර්ණකර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි නව විධිවිධාන සකසා ඊට අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවැසීය.

Read More

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වි ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලිම හෙට දිනය දක්වා කල් තැබිමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තිරණය කර තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ පාකිස්තානයේ මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන සාලමුල්ලේ සඳමාලි හෙවත් ‘සඳා’ නමැත්තිය රුපියල් ලක්ෂයකට අධික වටිනා හොරොයින් මත්කුඩු සමග ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙන්වා දෙති.

Read More

කුච්චවේලි සෙම්බුමලේ ආරණ්‍ය සේනාසනයට සහ හමුදා කදවුරට දීර්ඝ කාලයක පටන් ගමන් ගන්නා පන්කුලම රක්ෂිතය හරහා දිවෙන මාර්ගය වසා හිටිහැටියේම එම මාර්ගය මැදි කර කුඹුරක් සකස් කර තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (30) පෙරවරු 6 සිට පැය 24ක් ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව නීතපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

සුනාමියෙන් ව්‍යයසනය දා වයස පහේදී අතුරුදහන්වු අක්‍රම් රිස්කාන් යන තරුණයා වයස 21 සම්පුර්ණවී මාලිහයිකාඩුහි පදිංචි අබුසාලිහ් සිත්ති කමාලියා වන තම මව සොයා පැමිණි සිද්ධියක් ඊයේ වාර්තා වුණි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 3365 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සිදුවිය හැකි පරිසර විනාශය, මූලික සැලසුම් වෙනස් කිරීම, විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමට සිදුවීම, විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම ව්‍යාපෘතිය අවලංගු කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

යෝජනා තුනක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි ගව ඝාතනය ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

වාහන අමතර කොටස් ගෙන්වීමට බාධාවක් නොමැති බවත් වාහන අමතර කොටස් ගෙන්වීමට පවසා ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

රාජගිරියේදි රිය අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක ඇතුළු 3 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවිමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.

Read More

පරිසරය විනාශ කරමින් නීතිවිරෝධීව කටයුතු කරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඩුවම් ලබා දීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මගේ නෑදෑයෝ පැහැරගෙන ගියා. එයා මිනී මරුවෙක්. ඒක දේශපාලනයක්. අසරණ දමිළ ජනතාවගේ නායකයන් එයා තමයි මැරුවේ. අමෘතලිංගම් මැරවේ කවුද? කොටි තමයි මැරුවේ. ඒක නිකම් බොරුවට දේශපාලනට කරනවා

Read More

චක්‍ර ලේඛය සංශෝධනය කිරීමට අවධානය යොමුවුණා. ඡන්දහිමි නාමලේඛණයේ නම පැවැතීම පමණක් ප්‍රමාණවත් කියන තැනට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පැමිණියා

Read More

රුපියල් කෝටියකට අධික වටිනා මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය සමඟ ජයවර්ධනපුර සුරාබදු කාර්යාලයේ නියාමකවරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් (28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසය කියයි .

Read More

රාජගිරියේ සිදුවු අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට පෙනි නොසිටිම හේතුවෙන් හිටපු අමාත්‍ය චම්පික රණවකගේ රියදුරු තුසිත කුමාර අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 20ක් පිටව ගොස් ඇත.

Read More

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 946 ක් සමග සැකකරුවෙකු යුද හමුදාවේ කොමාණ්ඩා බලකා සෙබලුන් පිරිසක් විසින් අද (29) දින අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 න් අද (29) දින අලුයම සහ දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

මදුවලට හසුකර හා වෙඩි තබා කඳුකර කොටියන් මරා දැමීමේ සිදුවීම් 10ක් මෙම වසරේ ගෙවීගිය මාස නවය තුලදී සිදුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගණ ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද උදෑසන මෙරටුව පිහිටි ඔහුගේ නිවසට ගෙන එනු ලැබූවා.

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් තුළ අපි ගේනවා. එතකොට අපිට ජනමත විචාරණයකට යන්න වෙනවා. වසරක් තුළ ජනමත විචාර දෙකකට යෑම ජනතා මුදල් නාස්ති කිරිමක්.

Read More

අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීම දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක ජ්‍යෙෂ්ඨ තනතුරක් හෙබවූ පුද්ගලයෙක් වීම පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වීම

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.