හම්බන්තොට වරාය ඉදිකිරීම ණය උඟුලක් නෙමෙයි - ජනපති
චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ‘ණය උගුලක සිරවීමක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හැඳින්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත් එය භාවිත කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණක් බවටද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරුන් සිව් දෙනෙකුට අක්ත පත්‍ර ප්රදානය කිරීමෙ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා. ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙණුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි” යැයි ජනපතිවරයා පැහැදිළි කළේය.
“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක. ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙනවා. මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්. අන්‍යෝන්‍ය ප්රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව. මේ රට විදේශ ආයෝජන සඳහා විවෘතයි” යැයි ජනාධිපතිවරයා පැවැසීය.
ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතු බව සඳහන් කළ ජනපතිවරයා ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතු බවට දශක පහකට පමණ පෙර ප්‍රථමයෙන් යෝජනා කළේ ශ්‍රී ලංකාව බව ද සිහිපත් කළේය.
මෑත කාලීන ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යායාමය ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා 2009දී ත්‍රස්තවාදය පරාජය කිරිමෙන් පසු ආණ්ඩුවේත්, ජනතාවගේත් ප්රමුඛ අභිලාෂය වූයේ කඩිනම් සංවර්ධනයක් අත් කර ගැනීම බව පැවසීය.
සිය අදහස් පළ කළ නව තානාපතිවරු සිව් දෙනාම කොවිඩ් 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළහ. ‘ශ්‍රී ලංකාව අතිශය සුරක්ෂිත රටක්’. කොරියානු ජනරයේ තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා පැවසීය.
කොවිඩ් උවදුර ජයගත් ශ්‍රී ලංකාවට තානාපති ධූරයක් ගෙන පැමිණීමට ලැබීම ගැන ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් මහතා සතුට පළ කළේය.
“අපි ශ්‍රී ලංකාවට පැමිණියේ ඔබට දේශණ පවත්වන්නට නොවෙයි. අපට කළ හැකි උපකාරයක් කරන්නට. කළ යුතු දේ තෝරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව අපට විශ්වාසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා සපුරා ගැනීමට කළ හැකි දේ කරන්නට අපි සූදානම්” ජර්මානු තානාපති හා ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් යන දෙදෙනාම සඳහන් කළහ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2015 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාවට තමාද එක්ව සිටී බව කී බ්‍රයන් උඩයිවේ හිමිපාණෝ ජනාධිපතිවරයා ලැබී ඇති විශාල ජනවරම පිළිබඳව වත්මන් පාප් වහන්සේගේ සුබ පැතුම් එක් කළහ. භූගෝලීය පිහිටීම ශ්‍රී ලංකාවට හිමිව ඇති අනගි දායාදකැයි උන්වහන්සේ කීහ.
ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු
01 ජොන්ග් වුන්ජින්ග් මහතා- කොරියානු ජනරජයේ තානාපති
02 හොල්ගර් ලෝතර් සොයිබෙයට් මහතා - ජර්මන් ෆෙඩරල් ජනරජයේ තානාපති
03 මොන්සිඤ්ඤෝර් ධූරන්දර බ්‍රයන් උඩයිවේ හිමිපාණන් - ශුද්ධ වතිකානයේ අපෝස්තලික නන්සියෝ
04 ඩොමිනික් ෆර්ග්ලර් මහතා - ස්විට්සර්ලන්තයේ තානාපති

popular news
-
Kumar Wednesday, 30 September 2020 09:39 PM
Most financial experts think that is a part of the debt trap. Most of the time when some body borrow money they spend the money using contractors selected by the borrower. In this case the lender selects the contractor and take the money back to their country, If the money was mostly spent in Sri Lanka it would had some benefit other than to the those who got kick backs.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

