පළාත් 06කට අද මි.මී.200ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(28දා) නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මී. 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට පැ.කි.මී. 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග පසුගිය පැය 24ක කාලය තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
එහි අගය මි.මී. 315ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
