saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 8840 hours ago

LATEST

මුදල් නෝට්ටු භාවිතය ආරක්ෂාකාරීව කරන්න - අජිත් රෝහණ

calendar_today 2020 ඔක් 10 - 07:37 remove_red_eye - 873  

මුදල් නෝට්ටු භාවිතයේදී, ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයේදි හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයේදි නිසි සෞඛ්‍යමය ක්‍රියාමර්ග අනුගමනය කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අතරින් මේවනවිට පුද්ගලයන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 14ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1083ක් දක්වා වර්ධනය වි තිබේ.

Read More

රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

Read More

බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැඟිල්ල ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතීය ක‍්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ අපේක්‍ෂකයකු විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන දෙසැම්බර් පළමුවැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.

Read More

පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී අද දින (09දා) බාර දෙන ලදී.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් මස 10) සමගාමීව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්, අද (09) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී මේජර් නිලයේ ලාංඡනයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පළඳවනු ලැබිණි.

Read More

ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.

Read More

කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනයා පැමිණීම ඔක්තෝබර් 12,13,14,15 සහ 16 යන දිනවල අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශ තුළ අද දිනයේ විවෘත කළ ඔසු සැල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථාන අද රාත්‍රී 8.00 වන විට වසා දැමිය යුතු බවත් නැවතත් හෙට දිනයේ පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරීමට අවස්ථාව ඇති බවත් නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

පැතිරයන කොරෝනා වෛරස් තත්වය යටතේ හෙට (10) සිට සියලු වනෝද්‍යාන හා සත්ව උද්‍යාන සදහා ජනතාව ඇතුල් කිරීම සිමා කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා සිටියේය.

Read More

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරයයි

Read More

කුඩු නඩුවක විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මින් ඉදිරියට එවැනි දෙයක් සිදුනොවීමට ලිඛිතව පොරොන්දු වෙමින් ඉදිරිපත් කළ ලිපිය මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට අද (09දා) බාර දුන්නේය.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ආයතනයේ සේවය කර තම නිවසට පැමිණ සැඟව සිටි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ යුධ හමුදා භට පිරිස් අද (09දා) කටයුතු කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. වාර්තාවේ ප්‍රතිඵලය සමාජ ගත කර තිබේ.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂ භාවිතා කරමින් ඇඳිරි නීතිය පැනවිම සම්බන්ධව සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කිරිමට CID විසින් අත්අඩංගුවට ගත් තරුණයා ඔක්තෝම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළේය.

Read More

(UPDATE) කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් - 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන බව දේශිය වෛද්‍ය, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසන ලැබීය.

Read More

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව පාරිභෝගික සේවා සැපැයීම එළැඹෙන 17 දා තෙක් අත්හිටුවන බවත් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පරිසර දූෂණයට ඉවහල් වන නිවෙස් වල ගොඩ ගසා ගෙන සිටින භාවිතයෙන් ඉවත් කර ඇති විද්යුත් අපද්‍රව්‍ය E- WASTE බැහැර කිරීමට විදිමත් වැඩපිලිවෙලක් නොතිබීම නිසා මහජනතාව ඉතාමත් පීඩාවට පත්ව සිටින බව පරිසර අමාත්‍යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය

Read More

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ මස (11) දින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත් , (12) දින අපොස උසස් පෙළ විභාගයත් පැවැත්විමට තිරණය කිරිමත් සමග වතුකරයේ එම විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන විෂබිජහරණයට ලක් කිරිම අද (09) දින සිදු කෙරිණ.

Read More

විදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන එළැඹෙන 31 දා තෙක් වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඞ් 19 වෛරසය ආසාදිතවූ පුද්ගලයින් දෙදෙනෙක් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බව පවසන රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් 200ක් පමණ සියං නිරෝධායනයට යොමුකර ඇතිබව 09දා පැවසුවාය.

Read More

කොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

හලාවත ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

Read More

මිනුවන්ගොඩ පොලිසිය අද (9) දිනය තුළ විවෘත කිරිමට අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

හලාවත ඉරණවිල අඹකදවිල ප්‍රදේශයේ පවුල් 23ක 70 වකට ආසන්න පිරිසක් දින 14 ක ස්වයං නිරෝධායනට ලක් කිරිමට ඊයේ දින දහවල් තහවුරු වි ඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල සිට විභාග සඳහා පෙනීසිටින සිසුන් වෙත අදාළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන එම ප්‍රදේශ ආශ්‍රිතව ම ලබාදීමටත් ඒ සඳහා සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පිවිසීමට ඉඩප්‍රස්ථා සැලසීමටත් අවශ්‍ය විධිවිධාන යෙදීමට පියවර ගත යුතු අන්දම මෙහි දී සාකච්ඡා විය.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් , එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.