කටුනායක FTZහි කර්මාන්ත ශාලා තුනකින් අසාදිතයන්
(UPDATE) කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ. මේ අනුව එම කර්මාන්ත ශාලා තුනෙහි ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් පවතී.
කටුනායක නිදහස් වෙළඳ කළාපයේ ඇත සම්පුර්ණ කර්මාන්ත ශාලා සංඛ්‍යාව 85ක් වෙයි. මෙයින් බහුතරක කටයුතු මේ වන විටත් සක්‍රීයව සිදුවෙයි.
කෙසේ වෙතත් ඇඳිර නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම කර්මාන්ත ශාලා වෙත පැමිණෙන සේවක සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙයි.
කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක්
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තවත් ඇගළුම් කම්හලක සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් මෙම ආසාදිතයා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයා වාර්තා වී තිබේ.
මේ අනුව එම කලාපයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන දෙදෙනෙකි. එම කලාපයෙන් ආසාදිතයන් වාර්තාවීමත් සමග ඇඟළුම් කර්මාන්ත ශාලා කිහිපයක්ම තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

