කොව්ඩ් වැළැක්වීමට දේශිය ඹෟෂධ
දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් - 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන බව දේශිය වෛද්‍ය, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසන ලැබීය.
ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ඹෟෂධ සියල්ල 100% ම දේශිය ශාකසාර යොදා ගනිමින් නිෂ්පාදන කර තිබෙන බව පවසන අමාත්‍යවරයා සදංග පානය සහ සුවධරණි ප්‍රතිශක්තිකරණ පානය නමින් එම ඹෟෂධ නම් කර තිබෙන බවද සඳහන් කළේය.
මෙම ඹෟෂධ එළී දැක්වීම ලබන ඹක්තෝම්බර් 12 වනදා සිදු වන බවත්, එම ඖෂධ අද පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා තිබේ.
බටහිර වෛද්‍ය විද්‍යාවට තවමත් කොවිඩ් -19 වෛරසයට එරෙහි ඹෟෂධයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත්, එබැවින් බටහිර වෛද්‍ය විද්‍යාව දියුණූ රටවල් අද බරපතල කඩා වැටීමකට ලක් වී ඇති බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ නමුන් දේශිය වෛද්‍ය අමාත්‍යාංශයට මෙම අභියෝගය ජයගත හැකි ඹෟෂධ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී තිබෙන බවද ඇමතිවරයා පැවසුවේය.

popular news
-
රටවැසියා Friday, 09 October 2020 04:24 PM
අප දේශීය දේ ආරක්ෂා කරමින් එය භාවිතයට ගත යුතුයි, ඒ ගැන තර්ක අවශ්‍ය නැත. නමුත් අප මිත්‍යාව සහ පම්පෝරීය සමාජගත ගත කිරීමේන් වැලකි සිටිය යුතුයි. ලෝකයේ කිසිම රටක අද වෙනවිට වයිරස් වසංගතතයට බෙහෙතක් නැත! - එය අපේ රටේ දේශීය වෙදකමෙන් ද සුව කල නොහැක - බොරු පම්පෝරි නොගසා, ලෝකයාට විහිලු නොසපයා, අපට කල හැකි දේ තේරුම් ගෙන එය හරියට කරමු!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

