saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8180 hours ago

LATEST

මත්තල වි ගබඩා කිරිමෙන් සිදුවූ පාඩුව ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

calendar_today 2020 අගෝ 16 - 12:20 remove_red_eye - 470  

යහපාලන රජය සමයේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරිමෙන් සිදුවූ හානිය පිළිබදව ගණනය කර නිවැරදි වාර්තාවක් වහාම ලබාදෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරින්ට උපදෙස් දෙයි.

විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් 1051 දෙනෙකු පමණ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල හා කොස්ගොඩ යන පිහිටි හෝටල් කිහිපයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

තමන් ක්‍රීඩා අමාත්‍යවරයා විදියට පූර්ණ කාලය කැප කරන්නෙ පාසල් ක්‍රීඩාව සංවර්ධනය කරන්න බවත් විශේෂයෙන්ම ක්‍රීඩකයො හැදෙන්නෙ බිම් මට්ටමින් බවත් ඒ සදහා අඩු වයසින් අපි ක්‍රීඩකයන් හඳුනාගත යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

රුපියල් මිලියන 200ක් පමණ වටිනා කෘතීම මත්පෙති කිලෝ 12ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

හොරොව්පතාන පොලිස් වසමේ රස්නකවැව ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

Read More

පසුගිය දිනවල මාසයක් පුරා ලංකාව පුරා සංචාරය කිරීමේදී විවිධ ආකාරයේ ජන කොටස් මට මුණගැසුණා. ඒ බොහෝ අයගේ අවශ්‍යතා වූයේ නිරවුල් ඉඩමක්, වගාවට සුදුසු බිමක්, ස්ථිර නිවසක් හදා ගැනීමට පහසුකම්, දූ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික පාසල් හා පානීය ජලයයි. මෙම අවශ්‍යතා අනිවාර්යයෙන් ඉටු කර නැවත මේ ප්‍රශ්න නොඅසන රටක් ගොඩනැගීමට මම කැපවෙනවා.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ජාතික ගුවන් සමාගමක් රටකට අත්‍යවශ්‍යය බව ගෝඨාභය රාජපක්ෂ රජයේ ස්ථාවරය බවත් පාඩුව අවමකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාම නව රජයේ ස්ථාවරය බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

Read More

විදේශයන්හි රැදී සිටි ලාංකිකයන් 494 දෙනෙකු රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 04 කින් ඊයේ (15දා) දින රාත්‍රී සහ අද (16දා) අලුයම කටුනායක හා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ප්‍රංශයේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 14ක නිරෝධායනයක් පැනවීමට බ්‍රිතාන්‍යයද මේ වනවිට කටයුතු යොදා ඇති අතර, යුරෝපා කලාපයේ වසංගතය ඉක්මණින්ම පාලනය කළ රටක් ලෙස ඩෙන්මාර්කයේ යළි නීති පැනවේ.

Read More

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අද දිනයේ සිට සමාජ දුරස්ථ පියවර සෝල් ප්‍රදේශයේ නැවත හඳුන්වා දෙනු ලැබූ අතර, ගෙවීගිය දිනයේ ආසාදිතයන් 279 දෙනෙකු වාර්තා වූ බව දකුණු කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

Read More

මෙම නව ආසාදිතයන් 13න් 12ක්ම පෙර පැවති ඕක්ලන්ඩ් ප්‍රජා සිද්ධීන් ආශ්‍රිත පොකුරට සම්බන්ධ වී ඇති අතර, එක් සිද්ධියක් විභාග වෙමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් පවසයි.

Read More

ඉන්දීයාවේ කොවිඩ්-19 මරණ 50,000ක සීමාවට පැමිණ ඇති පසුබිමක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට 74 වැනි නිදහස් දින උත්සවයේදී ජාතිය අමතමින්, කොවිඩ්-19 පැතිරී මැඬපැවැත්වීමට පෙරමුණේ වැඩකළ අයට තුති පුදයි.

Read More

ස්පුට්නික් වී නමැති රුසියානු එන්නතෙහි තීරණාත්මක තෙවැනි අත්හදා බැලීමට සහභාගී වීමට ඇත්තේ 2,000ක පමණ පිරිසක් වන අතර, ස්පුට්නික් වී එන්නත පිළිබඳ විද්‍යාත්මක දත්ත කිසිවක් රුසියාව නිකුත් කර නොමැත.

Read More

’’9/11 දින අපට අහිමි වූවන්ට සහ සියලු නිව්යෝක් වැසියන්ගේ වීරත්වයට මෙම බලගතු උපහාරය දිගටම කරගෙන යාමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.’’ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ පවසයි.

Read More

මීට පෙර කොවිඩ්-19 ආසාදිතයන් 292,527ක දෛනික ආසාදිත වාර්තාවක් තබා තිබුණේ ජූලි මස 31දා වන අතර, මෙවර එම අගය අභිභවා යමින් ආසාදිතයන් 294,237ක් වාර්තා වූ බව එම සංවිධානය පවසයි.

Read More

ඉතාලියේ අවසන් වරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබුණේ මැයි 23දා වන අතර, එදින ආසාදිතයන් 669ක් ලෙස දැක්වුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,367,000 ඉක්මවා ඇති අතර, වෛරසය වැළැක්වීමේ එන්නතක් සම්බන්ධයෙන් ලෝකයේ ඇතිවී තිබෙන තරගයද වෛරසය තරම් භයානක වී තිබේ.

Read More

ඉන්දියාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ පිතිකරුවෙක් වන සුරේෂ් රයිනාද ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More

අද දිනයේදී කොවිඩ් 19 ආසාදිත වූ රෝගීන්රෝ 04ක් වාර්තා වී තිබේ. මෙම සියලුම රෝගීන් නිරෝධානය වෙමින් සිටින අයයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින ලෝක කුසලානය, විස්සයි 20 ලෝක කුසලානය හා ශූරයන්ගේ කුසලානය දිනාගත් ලෝකයේ එකම නායකයා වන වන දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියේද ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයට ගෙන ආවේය.

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අගෝස්තු 19 වන දින ආරම්භ වන බව කැලණිය විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් අත්හිටුවා තිබූ බන්ධනාගාර රැඳවියන්ව ඔවුන්ගේ නෑ හිතමිතුරන්ට බැලීමේ අවස්ථාව යළිත් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Read More

ඖෂධ ක්‍රීම් වර්ගයක් ශරීර ගත වීමෙන් තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි

Read More

නවගත්තේගම මොරගහවැව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු යාන්ත්‍රික කියතකින් (චේන් ෂෝ) කපා බරපතල තුවාල සිදු කිරිමක් සම්බන්ධව නවගත්තේගම අකුලා නැමති සැකකරු පොලීසිය අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථාන වලින් අද (15දා) උදෑසන 6.00 වන විට පුද්ගලයන් 30274ක් නිරෝධායන කටයුතු අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක අද (15දා) අලුයම 1.30ට පමණ ගල්කිස්සේදී පුද්ගලයෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මරණකරු අවුරුදු 56ක් වන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

ලෙබනනය ඇතුළු තවත් විදේශ රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 309 දෙනෙකු රැගෙන ගුවන් යානා 05 ක් ඊයේ (14) මධ්‍යම රාත්‍රී සහ අද (15) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ගෙවීගිය දිනයේදී ඉන්දියාවෙන් ආසාදිතයන් 64,553 ක් වාර්තා වී තිබූ අතර, එම දිනය තුළ සිදුව තිබූ මරණ සංඛ්‍යාව 1,007ක් බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජනපදයේ ප්‍රමුඛතම බෝවන රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුසි කියන්නේ, ජනතාව සංවෘත ස්ථානයක, තැබෑරුමක හෝ ජනාකීර්ණ ප්‍රදේශයක රැස්කකා සිටින ආකාරය දුටුවිට තමාට දැඩි කනගාටුවක් ඇතිවන බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.