saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8185 hours ago

LATEST

ප්‍රංශයේ තෙවැනි දිනටත් ආසාදිතයන් 2500 පනියි

calendar_today 2020 අගෝ 15 - 07:12 remove_red_eye - 321  

දින හතක චලනය වන සාමාන්‍ය ආසාදන 2,041ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය සති දෙක තුළ දෙගුණ වී ඇති බව ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අතර, පැරිස් නගරය අධි අවදානම් කලාපයක් වෙයි.

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, මේ වන විට තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,275,520ක් වන අතර, මරණ 106,523ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරිය ශ්‍රී ලංකා-ඇමරිකානු සම්භවයක් ඇති රෝහිණී කොසොග්ලු වන අතර, ඇගේ දෙමවුපියන් 1980 මුල් භාගයේදී යාපනයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූවන්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,054,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කළේ මේ වන විට පක්ෂය කොහෙද කියා තමන් සොයන බවත් පක්ෂය හාන්සි වී ඇති බවත්ය.

Read More

අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අද (14දා) පැවති කෘත්‍යාධිකාරී රැස්වීමේදීද එම පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු ආසනය සඳහා මන්ත්‍රීවරයෙකු නම් නොකිරීම නිසා එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් ජෝන් අමරතුංග මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

Read More

ඕමානයේ සහ චීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 306 දෙනෙකු රැගෙන අද (14 දා) සවස ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන් 175 ආසන්න පිරිසක්, මේ වන විට සිය තොරතුරු ඔන්ලයින් ක්‍රමයට (Online Registration System) පාර්ලිමේන්තුව වෙත ලබා දී අවසන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය පවසයි.

Read More

නක්ලස් පාරිසරික ආරක්ෂණ කලාපයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් පුද්ගලික ඉඩම් අක්කර 1600ක් අත්පත් කරගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා පැවසීය.

Read More

මාස දෙකක කාලයක් තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් තවත් නිලධාරීන් 19ට ස්ථානමාරුවිම් ලබාදී ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

Read More

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 2885 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

’’අපේ ජන බල පක්ෂයේ’’ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව මැතිවරණ කොමසම නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ නායකත්වය තරුණ නායකයෙකුට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ලබන 17 දා සිට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.

Read More

MCC ගිවිසුම පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් සිටින බවද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

කැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

කොරෝනා ආසාදනය විම හේතුවෙන් රෝහල්ගතවි සුවවු පිරිසෙන් 12 දෙනෙකු අද දිනයේ රෝහලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

මෙවර අමාත්‍යාංශ ලබා දීමේ දී සිංහල ක්‍රමයට අමාත්‍යාංශ ලබා දී ඇති නිසා ඉංග්‍රිසි ක්‍රමය නොතිබීම පිළිබඳව ඇතැම් අය දුක්වෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

Read More

නව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන බව නිවේදනය කරන අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) නිකුත් විය.

Read More

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

Read More

වෙහෙසකර අභියෝගයක් ජය ගැනීමෙන් පසු එහි අග්‍රඵලය ලැබීමට ටික කාලයක් නිහඬව බලා සිටීමට සිදුවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පොල්ගහවෙල පුහුරිය දුම්රිය හරස් මාර්ගයේදී (14) දා උදෑසන දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එම රථයේ රියදුරු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි .

Read More

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර මහතාගේ ඝාතනය ඇතුලු තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට විදෙස් රටකට ගොස් පලා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඌරගහ මයිකල් නමැත්තගේ ඊෂි කැෂ් ක්‍රමයට මෙරට මත් කුඩු ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛ නව ආණ්ඩුවෙහි ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම එළැඹෙන බදාදා (19දා) පැවැත්වීමට නියමිතය.

Read More

පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා පැවත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (14දා) පැවැත්වේ.

Read More

අවිස්සාවේල්ල නගරයේ ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට සුදානම් සු සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද (14) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 629 ක් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

දේශීය වෛද්‍ය ක්‍රම, යෝගා සහ හෝමියෝපති අමාත්‍යවරයා ඇතුළුව එරට අමාත්‍යවරු 5ක් වෛරසයට ගොදුරු වෙද්දී, ඊයේ දිනයේදී ඉන්දියාවේ දෛනික වැඩිම ආසාදිතයන් ලෙස 67,000ක ආසාදිත පිරිසක් තහවුරු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.