කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් 366ක්
කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 366 දෙනකු මේ වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන් රෝගීන් 272 සහ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය බල ප්‍රදේශයෙන් රෝගීන් 94 දෙනෙකු ඒ අතර වේ .
බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ වසරක් සහ මාස එකක් වයස බිළිඳෙකුට හා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින බේරුවල ප්‍රදේශයේ සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි ගීගනගේ මහතා කීය .
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් රෝගීන් 59, කළුතර 35, මතුගම 56 , හොරණ 44, පානදුර 41, බණ්ඩාරගම 41, අගලවත්ත 16 , වලල්ලාවිට 16 ,වාද්දුව 25 , මිල්ලනිය 12, පාලින්දනුවර 08, මදුරාවල 06 ,බුලත්සිංහල 03 ,දොඩංගොඩ 02 හා ඉංගිරිය 2 වශයෙනි.
හැකිතාක් දුරට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද උපයෝගි කරගෙන සංචරණ සීමා කරගෙන නිවෙස්වල රැඳී සිටින ලෙස ගීගනගේ මහතා ජනතාවගෙන් වැඩි වැඩිදුරටත් ඉල්ලා සිටියි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

