saravita-anim2

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

Latest News - timelapse 8538 hours ago

LATEST

වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවේ

calendar_today 2020 ඔක් 07 - 17:43 remove_red_eye - 328  

කෝවිඩ් - 19 හේතුවෙන් දැනට උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දින දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.

(UPDATE) රාගම රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිතයා නැවත පොලිස් භාරයට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඔහු නැවතත් රෝහල් ගත කර තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලයොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

එක්තරා පක්ෂයක ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කියනවා, ‘කාන්තාව ගෙදර දී විශාල වැඩ කොටසක් කරනවා, ඒකට වැටුපක් ගෙවන්නෙ නැහැ’ කියලා. එතුමියට අනුව අපේ ගෙදර ඉන්න ආදරණීය අම්මාට, තාත්තා විසින් වැටුපක් ගෙවිය යුතුයි. බටහිර චින්තනයට අනුව අපේ ජීවිත කිරලා, මනින්න ගියාම, ඔළුව කුරුවල් වන ඔය විදිහෙ මත, ඔය විදිහෙ අයගෙන් පිට වෙන එක වළක්වන්න බැහැ.

Read More

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කරමින් සිටියදි කොවිඩ් වැළදි මේ වනවිට අයිඩිඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබන හොරණ කදන්හේන ප‍්‍රදේශයේ පුද්ගලයා පැමිණි හොරණ නගරයේ වෙළ`දසැලක් අද (07) දින පෙරවරුවේ තාවකාලිකව වසා දැමු බව හොරණ නගර සභාවේ ප‍්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.ජී.එන්.කුමාර මහතා පැවසීය.

Read More

හොරණ, කඳන්හේන පදිංචි කොරෝනා ආසාදිතයා පැමිණි බවට තොරතුරු හෙළිවූ හොරණ, කඳන්හේන ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සියල්ලම එම විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.

Read More

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇති අතර, එම සංචාර සඳහා සභභාගී වූ නිලධාරීන් 20 දෙනෙකුට, එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක පමණ මුදලක් වැය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.

Read More

රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් උතුරු මැද පළාත තුළ පවත්වාගෙන යන පෞද්ගලික උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read More

හෝමාගම විදුලි බල මණ්ඩල කාර්‍යාලයට විදුලි බිල් පතක් ගෙවා නැවත එමින් සිටි පුද්ගලයකු එම කාර්යාලය පරිශ්‍රය තුළත දීම වැටී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .

Read More

නැගෙනහිර පළාතෙන් කොවිඩ් ආසාදිත සිසුන් හඳුනාගෙන ඇති බවත් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධානය කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය .

Read More

නාවික හමුදාව 2020 ඔක්තෝබර් 06 සහ 07 දින උඩප්පුව පූනපිටිය ප්‍රදේශයේ සහ කල්පිටිය සින්නපාඩු ප්‍රදේශයේ සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1700 කට අධික තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) ද, පොලීසිය හා එක්ව මන්නාරම වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 344 කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර සිටියි.

Read More

අ.පො.ස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනට පැවැත්වීමට අධයාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාධනය වී තිබේ. මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව පැවසෙයි.

Read More

බ්‍රැන්ඩෙක්ස් ආයතනයට සම්බන්ධව සේවය කල ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි තරුණියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇතිබව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර මහතා පැවසීය .

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි

Read More

පොලිස් නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු ජා-ඇල හා කඳාණ පොලිස් වසම් දෙකෙන් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තා වු බව පොලිසිය පවසයි. ඒ අනුව වැලිගම්පිටිය, කපුවත්ත, නාගොඩ, හපුගොඩ, පාතිමා මාවත, පොල්පිතිමුකලාන, නිවාසිපුර යන ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී තිබිණි. කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි ආසාදිතයින් හය දෙනකු ඒ අනුව වාර්තා වී තිබේ.

Read More

මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රඹුක්කන රෝහලේ වෙනමම මධ්‍යස්ථානයක් සකස් කර තිබේ.

Read More

හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස කොළඹ ජාතික අක්ෂි රෝහල මහජනතාවට දන්වයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය

Read More

සීදූව පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝදායන ඇඳිරි නීතිය පනවා ඇත.

Read More

“පරීක්ෂණ ප්‍රමාණවත් නෑ. මම බාප්පගේ දානේ ගෙදරට ගිහින් ආවේ. මම පරීක්ෂණයක් කරලා වාර්තාව එවන්නම්. අපි මිනිස්සු ගාවට යන්නේ. 224ටම පරික්ෂණයක් කරන්න”

Read More

සමාජ මාධ්‍ය ඉල්ලූ පමණින් රට තුළ ඇඳිරි නිතිය පැනවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහත තුල මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින් සංඛ්‍යාව 112ක් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 07දා පැවසුවාය.

Read More

බැන්ඩික්ස් පොකුරට සම්බන්ධව ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත.

Read More

ගම්පහ ඇඟලුම් ආයතනයේ සිට වව්නියාවට පිරිසක් පැමිණ ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග වව්නියාව තේක්කවත්ත හා තෝණික්කල් ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය පවසයි

Read More

ඉතාලියේ ජීවත් වන ලාංකික පාසැල් සිසුවියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඉතාලියේ වෙරොනා නුවරින් වාර්තා වේ.

Read More

ඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ සදහා අදාල දිනයට නියමිත නඩු සදහා වෙනත් දිනයක් ලබාදීම සිදු කරන අතර එම දිනයන් එම අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිවේදනය කරයි. ඒ අනුව ඇදිරිනීතිය අවසන් වූ පසු නව දිනයන්වල නඩු කටයුතු සිදු කරන බව සදහන් වේ.

Read More

පොලිස් ආරංචි මාර්ගවලින් පැවසුනේ පැන ගිය පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහි වුවකු බවයි. එසේම එම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අයත් අයකු බව තහවුරු වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.