රත්නපුර දිස්ත්‍රික්කයේ 112ක් ස්වයං නිරෝධායනයට
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහත තුල මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින් සංඛ්‍යාව 112ක් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 07දා පැවසුවාය.
බැන්ඞ්ඩැක්ස් ආයතනයට අදාලව 18 දෙනෙක්ද, දිවුලපිටිය හා අදාළ කොරෝනා අවදානම් ප්‍රදේශවලින් පැමිණි 12ක් සහ විදෙස්ගතව පැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින 82ක් මෙම පිරිසට අයත් වේ.
බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාලව කිරිඇල්ලේ 09ක් ද, නිවිතිගල 04ක් ද, රත්නපුර 02ක්ද ඉඹුල්පේ 01ක් උැඹිලිපිටිය උඩවළව යුද හමුදා කඳවුරේ 01 අයෙක් ලෙස ද ස්වයං නිරෝධායනයට ලක්ව සිටිති.
වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 07ක් සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 5ක් දිවුලපිටිය කොරෝනා අවදානම් ප්‍රදේශවලින් පැමිණීම නිසා ස්වයං නිරෝදායනයට ලක් කර සිටින බව ද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින වැඩිම ප්‍රමාණය විදේශගතව සිට පැමිණි පිරිස්ය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුකර සිටී. ඒ රත්නපුර 36ක්, පැල්මඩුල්ල 09ක්, ඇහැළියගොඩ 08ක්, කුරුවිට 08ක්, ගොඩකවෙල 06ක්, කලවාන 05ක්, බළන්ගොඩ 04ක්, කහවත්ත 03ක්, අයගම 02ක්, ඇලපාත 01, වන ලෙසින් යැයි ද මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසන්නීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

