කහ ටොන් 2කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට
නාවික හමුදාව 2020 ඔක්තෝබර් 06 සහ 07 දින උඩප්පුව පූනපිටිය ප්‍රදේශයේ සහ කල්පිටිය සින්නපාඩු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1700 කට අධික තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) ද, පොලීසිය හා එක්ව මන්නාරම වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 344 කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 34 ත් 48 ක් අතර වයසේ පසුවන කොන්තන්තීව්, පල්ලිවාසලපාඩු, මන්නාරම, උකුවෙල සහ අලවතුගොඩ යන ප්‍රදේශයවල පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන් සහ අත්අඩංගුවට ගන්නා ලද වියලි කහ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය, සින්නපාඩු රේගු නිවාරණ කාර්යාලය සහ මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

