saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 8123 hours ago

LATEST

කන්දකාඩු පොකුරේ තවමත් ප්‍රතිකාර ලබන ගණන 32යි

calendar_today 2020 අගෝ 23 - 07:33 remove_red_eye - 242  

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මේ වන විට පුද්ගලයින් 597 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ 12 වැනි කොරෝනා ආසාදිත මරණය අද පෙරවරුවේ සිදුවූ බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

රටපුරා වෙරළ තීරයන්ද වසා දැමෙන අතර, ගෘහස්ථ රැස්වීම් 50ක් සහ එළිමහන් රැස්වීම් 100ක් දක්වා සීමා කෙරෙන මෙම සීමාවන් අද (23දා) සිට බලාත්මක වන බව ද. කොරියානු සෞඛ්‍ය අමාත්‍ය පාක් නියුන්ග් හූ කියයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන්ගේ පාලනය දැඩිව විවේචනය කරන්නෙකු යැයි පැවසෙන නවාල්නි, පානය කළ තේ සඳහා යම්කිසි විෂයක් එකතු කරන්නට ඇතැයි ඔහුගේ ආධාරකරුවන් විශ්වාස කරයි.

Read More

මෙම සංඛ්‍යාලේඛනවලින් සනාථ වන්නේ දැනට ඉතාලියේ සක්‍රීය කොරෝනා වෛරස ආසාදිතයන් 17,503ක් සිටින අතර, එරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 258,136ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,120,000ක් ඉක්මවා ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව හැරුණු විට, ද.අප්‍රිකාව, පේරු, මෙක්සිකෝ, කොලොම්බියා යන රටවල ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවයි.

Read More

අද දිනයේ රාත්‍රී 9.00 තෙක් කොවිඩ් 19 රෝගීන් ගණන 06ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ 2014 වර්ෂයේ ආරම්භ කිරීමට යෙදුණු මෙම ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු සමයේ නවතා දමා තිබිණි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර තුළ සිටීමට සිදුව තිබීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

Read More

“පාසල් ක්‍රීඩාව දියුණු කරන්න ඕනෑ. අපි ක්‍රීඩා කවුන්සිලය පත්කළා. ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා රටේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති, ක්‍රීඩා පනත සංශෝධනය කරන ගමන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රීඩා සැලැස්මක් රට තුළ නිර්මාණය කරන්න. මේ වන විටත් එහි වැඩ කටයුතු ක්‍රීඩා කවුන්සිලයෙන් ආරම්භ කර තිබෙනවා”

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22) දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ඇල්ල රාවණා ඇල්ල අසළදි අද උදේ වෑන් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් තිදෙනෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.

Read More

කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැරට් හන්දියේදී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය තීබීම (EPF) හා රැකියාවක නිරතවීම (Job) ලෙස සඳහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ.

Read More

මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරති.

Read More

ඊයේ (21) දිනය තුලදී PCR පරික්‍ෂණ 1590 ක් සිදුකර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 200,148 ප්‍රමාණයක් සිදුකර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන් සහ ඉන්දියාවේ රැදී සිටි ගුවන් මගීන් පිරිසක් ද වශයෙන් ගුවන් මගීන් 306 දෙනෙකු රැගෙන අද (22) දින අලුයම ගුවන් යානා 02 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ 1918 මාරාන්තික වසංගතයට වඩා වේගයෙන් නව කොරොන වයිරස් හීලෑ කිරීමට අපේක්ෂා කරන බවයි.

Read More

ජර්මනියද යුරෝපා කලාපයේ වෛරසය වඩාත් සාර්ථකව පාලනය කළ රාජ්‍යයක් ලෙස මුල සිටම කියවුණත්, මේ වනවිට එරට තුළ කොවිඩ්-19 වසංගතය යළි හිස ඔසවමින් ඇත්තේ සීමාවන් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව වසංගතය අමතක කිරීම නිසාය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ, කොවිඩ්-19 එන්නත හැකි ඉක්මණින් ලබාගැනීමට අවශ්‍ය අතර, එය අත්‍යවශ්‍ය මෙවලමක් වනු ඇතැයි තමා විශ්වාස කරන නමුත් තවම එකක්වත් ඇති බවට සහතිකයක් නොමැති බවයි.

Read More

ඊයේ දිනයේදී කොවිඩ් 19 රෝගීන් 23ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

අයර්ලන්තය පුරා ආසාදිතයන් ඉහළ යාමත් සමග මේ සතියේ ප්‍රධාන සීමාවන් සැලකිය යුතු ලෙස දැඩි කිරීමට රජය පියවර ගෙන තිබූ පසුබිමක අයර්ලන්තයේ කෘෂිකර්ම, ආහාර හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩාරා කැලරි මෙසේ සීමා උල්ලංඝනය කර තිබුණි.

Read More

කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් හා කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි.

Read More

පාසල් සන්දර්භය තුළ මුඛ ආවරණය යනු විශිෂ්ට මෙවලමක් බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන්, එය වෙනත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඉවත දමා කළ යුතු දෙයක් නොවන බවද අවධාරණය කරයි.

Read More

එක්සත් ජනපදයේ පෙබරවාරි 29දා පළමු වැනි මරණය වාර්තා වූ අතර, අප්‍රේල් 23දා මරණ 50,000ක, මැයි 23දා මරණ 100,000ක, ජූලි 28දා මරණ 150,000ක සහ දැන් අගෝස්තු 22දා මරණ 175,000ක සීමාවන් ඉක්මවා තිබේ.

Read More

මහ බැංකුව පවසන්නේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකි බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,860,000කට ආසන්න වී ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව හැරුණු විට, ද.අප්‍රිකාව, පේරු, මෙක්සිකෝ, කොලොම්බියා යන රටවල ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවයි.

Read More

මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2928ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතාත් සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර , මොහොමඩ් මුසාම්මිල් සහ අසංක නවරත්න මහත්වරු පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.