saravita-anim2

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8153 hours ago

LATEST

ජාතික යොවුන් පෙරමුණ එජාප නායකත්වයට රැවන්ව ඉල්ලයි

calendar_today 2020 සැප් 03 - 22:30 remove_red_eye - 275  

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රුවන් විජයවර්ධන මහතා පත් කරන ලෙස වූ යෝජනාවක් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිල වශයෙන් භාරදීමට සූදානම් බව ජාතික යොවුන් පෙරමුණේ ප්‍රධාන ලේකම් දර්ශන චතුරංග බ්‍රහ්මණ මහතා පැවසීය.

කලුතර,මිගමුව,මාතර හා හෝමාගම මහාධිකරණවල නඩු 600කට වඩා ගොඩගැසි ඇති නිසා නීතිපති දෙපාර්තමේන්තුව එ වෙනුවෙන් අතිරේක රජයේ අධිනිතීඥයෙක් යෙදවිමට තිරණය කර තිබේ.

Read More

රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියතු මධ්‍යම පාන්තික ආදායම්ලාභී සේවකයන් සඳහා ඔවුන්ගේ ආදායමට දැරිය හැකි නිවාස ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිළධාරියා පලතුරු සැපයුම්කරුවෙකු ගෙන් රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය

Read More

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සිය අමාත්‍ය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී 2020.09.03 වන දින මුණගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී.

Read More

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් අද (03) පැවැත්විණි.

Read More

දඹුල්ල මූලික රෝහලේ පැතිරී ඇති මකුණු ගහනය පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය දඹුල්ල මහනගර සභාව එක්ව රෝහලේ මකුණු මර්දනය කිරීම සඳහා කෘමිනාශක ඉසීමේ වැඩපිළිවෙලක් අද දින ක්‍රියාත්මක වූහ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හදුනාගෙන ඇති අතර එ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 3111 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

2018 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරී‍මට අදාළ ගැසට් නිවේදනය හෙට (04 ) ගැසට් පත්‍රයේ පළ කෙරේ.

Read More

පිලියන්දල මාකන්දන විජිතපුර නිවසක සගවා තිබු අත් මාංචු කුට්ටම් දෙකක් හා ගංජා ග්‍රෑම් 5ක් සමග එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් (3) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස ක්ෂණික මෙහෙයුම් වැටලීම් ඒකකය කියයි

Read More

ලබන සැප්තැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්කිරීමට අද (03) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබේ.

Read More

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරට ට ආනයන කරන ලද කහ තොගයක් බේරුවල වරායේ ධීවර යාත්‍රාවක සඟවා තිබියදී නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක නිලධාරීන් සහ බේරුවල පොලිසිය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී (3) සොයා ගැනීමට හැකි වී ඇත

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 3104 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙම සතිය අවසන් වනවිට නීතිපති දෙපාර්තමෙන්තුවේ මත්ද්‍රව්‍ය නඩු අංශයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් වලට අදාළ කිසිඳු නඩු ගොනුවක් ඉතිරි නොවීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා එම අංශයේ නිලධාරීන්ට අද (03) උපදෙස් ලබා දී ඇත.

Read More

කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත් එම අභියෝගය ජය ගැනීමට රජය ගත් පියවර ඉතා අගය කරන බවත් ශ්‍රී ලංකාවේ නෝවීජියානු තානාපතිනි ට්‍රීනි යොරන්ලි එස්කඩා මහත්මිය පැවසුවාය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල - සහ උඩුවර යන දුම්රිය ස්ථාන අතර ස්ථානයකදී අද (3) දා ප.ව. 3.00 ට පමණ තරුණියක් දුම්රිය පැන සියදිවි නසාගෙන තිබේ .

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා මෙය පළකර තිබේ.

Read More

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

ඊසි කෑෂ් ක්‍රමය යටතේ දඹුල්ල ,බකමූණ ,නාවුල, සීගිරිය ,ගලේවෙල ආදී ප්‍රදේශවලට හෙරෝයින් බෙදාහරින ජාවාරමේ නිරත වූ පුද්ගලයින් එකොළොස් දෙනෙකු සැකපිට අද (3) දින දහවල් දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අඟුරුවාතොට බටගොඩ සහ උඩුවර ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්පෙති , හොරෙයින් මත්කුඩු සහ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙක් (3) අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලීසිය කියයි

Read More

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකු එන්නත් ලබා දුන් පසුව එම රෝගීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අප අමාත්‍යාංශය හරහා විධිමත් පරික්ෂණයක් සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන ලදී.

Read More

බලංගොඩ ඇල්ලේපොල තෙල් බවුසරයක් පෙරළීමෙන් දෙදෙනකු තුවාල ලබා ළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රදේශවාසීන් බබවුසරයේ තෙල් ගැනීම් සිදු ගැනීම්ට දිගු පෝලිම් අද දහවල් මෙම un අනතුර සිදුවී ඇති අතර වැඩිදුර විමර්ශන බලංගොඩ පොලිසිය සිදු කරයි

Read More

කිරිදිවැල ඉහළගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු ඔවුන් පොලිස් වි‌ශේෂ කාර්යය බලකායේ බව පවසමින් හැදුනුම් පතක්ද පෙන්වා නිවසේ තිබු මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බව කිරිදිවැල පොලිසිය කියයි.

Read More

ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර තිබේ.

Read More

අබු ඩාබි හි අවන්හලක සිදුවූ පිපිරීමකින් එක් ලාංකිකයෙකු මියගොස් තවත් ලාංකිකයෙක් බරපතල තුවාල ලබා ඇතැයි අබු ඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Read More

කොකා කෝලා සමාගම හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 16800ක් හා VTM 17000ක් අග්‍රාමාත්‍යතුමා වෙත පරිත්‍යාග කිරීම ඊයේ (2) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

Read More

ඒ අනුව විදේශයන්හි සිට පැමිණ ශ්‍රී ලංකාවේදී කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 1197ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද (03) උදෑසන 11 වනවිට පුද්ගලයින් 6 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සිවුදෙනකු ගමන්ගත් මෝටර් රථයක් (3) අලුයම මහරගම නාවින්න ප්‍රදේශයේදී තාප්පයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි

Read More

ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.