ශ්‍රී ලංකාව චීන ණය උඟුලක සිරවී නෑ - ජනපති ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ට කියයි
විදේශ සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට
මුල් තැන - ජනපති කියයි.
- ආයෝජන ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය ...
- මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට සහාය ...
- ඉන්දීය සාගරය සාම කලාපයක් විය යුතුයි ...
බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැති බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසී්‍ය.
ශ්‍රි ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බව ඔහු කීය. ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැතැයි ජනාධිපතිවරයා කියා සිටියේය.
ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යැයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා සිටී.
දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා පවසයි.
ඊයේ දිවයිනට ළඟා වූ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්රමුඛ ඉහළ පෙළේ දූත පිරිස අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමු වූහ. දෙපාර්ශ්වය අතර පැවති සුහද සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගන්නා ලදී.
ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්රමුඛත්වයක් දෙන බව පැවසීය. සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්රයකි. විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා කීය.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රාජපක්ෂ මහතා සඳහන් කළේය.
“විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂිකර්ම ක්ෂේත්රය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළයුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිවරයා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයනට අමරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.
මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා සඳහන් කළේය.
ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා කීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන ඔහුගේ සතුට පළ කෙරිණ. ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපති රාජපක්ෂ මහතා කීය.
අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහූ එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.
විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ අර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

popular news
-
Kumar Thursday, 29 October 2020 07:16 AM
"puhul horage" kathawa janadhipathithuma ahala thibenawaneda. esay nathinam "kopamana ves bandath natanne elipita" kiyann ekathawath ahala athine?
Reply : 0 0
Puppa Thursday, 29 October 2020 08:03 AM
Onema podi ekekuta unath therenawa cheena naya ugule api hirawela inna bawa .ape janadipathita aya nopenunata
Reply : 0 0
Hasanthi Rajapaksha Tuesday, 03 November 2020 07:11 PM
" ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇතිකර ගැනීමට අවශ්‍ය සාධක ඇති රටක්. අපේ කෘෂිකාර්මික ක්ෂේත්රය නවීකරණය කල යුතුයි. ඒ් සදහා විද්‍යාත්මක පර්යේෂණ සිදුකල යුතු වෙනවා..." ජනාධිපතිතුමාගේ ඉහත සදහන් දැක්ම විශිෂ්ඨ බව අප පිළිගත යුතු කරුණක්. නමුත් කෘෂි අධ්‍යාපන ක්ෂේත්රය තුළින් බිහිවන ශ්‍රම සම්පත පසුගිය දශක කිහිපය තුලදීම ජාතික ආර්ථිකයේ කෘෂිි අංශය වෙත නිසි පරිදි නියාමනය වී නොතිබීම කණගාටුවට කරුණක්. විද්‍යාත්මක පර්යේෂණ සදහා විදේශ සහය ලබා ගැනීමට ප්‍රථම කෘෂි ක්ෂේත්රයේ නිපුනතා ඇති අය එක් ජාතික වැඩපිළිවෙලකට අනුගත කර ගැනීමයි වැදගත් වන්නේ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

