කළුතර නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම පලාගොස් තිබූ කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත රෝගියා පැය හතරකට පසු අද 29 මහ වස්කඩුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය කියයි.
රට තුළ පවතින වසංගතය හමුවේ පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවට අයත් ළමා උද්‍යාන තාවකාලිකව වසා දැමීමට පොල්ගහවෙල ප්‍රාදේශිය සභාව පියවර ගෙන ඇත.
Read Moreමරණ දඩුවම නියම වී මේ වන විට බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමට තමන් විසින් තැබු අත්සන ඉල්ලා අස්කර ගන්නා බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
Read Moreවසර 36ක සේවය නිම කොට නොවැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.
Read Moreනාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකල ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් 22 සහ 26 දින ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreබස්නාහිර පළාතට අද මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන හෙයින් දුම්රිය ධාවන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමේ වනවිට අදාල කර්තෘ මණ්ඩලය පිහිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විශබීජහරණය කර තිබෙන අතර සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබේ. කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ද සන්ඩේ ටයිම්ස් පුවපත්පතේ සේවකයන් වැඩි දෙනෙකු නිවසේ සිට සේවය කරන්නන් වන අතර ආයතනය තුළ සේවය කරන සියලු දෙනා නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද වලට අනුව සිය කාර්යයන් ඉටු කරන බවත් සියලුම මුද්‍රණ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සෞඛාරක්ෂිතව සිදු කරන බවත් විජය පුවත්පත් සමාගම දන්වා සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 67 දෙනෙක් සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreසබරගමු පළාත තුල 29දා වනවිට කේවිඞ් 19 ආසාදිතයන් 82ක් වාර්තා වී ඇති බව පැවසූ සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 4393ක් නිරෝධායනයට ලක්කර ඇති බව ද සඳහන් කළේය.
Read Moreබණ්ඩාරවෙල නගරයේ එළවලු තොග පොළ දින 4 ක කාලයක් සදහා වසාතැබීමට ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම් . මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයේ අද (29) බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ කමිටු රැස්වීමේදි තීරණය විය .
Read Moreරටේ උද්ගත වි ඇති වසංගත තත්ත්වය හමුවේ නැවත දැනුම්දෙනතුරු සතිඅන්ත දිර්ඝ නිවාඩුවට සහ ඉදිරි දින කිහිපය තුල නුවරඑළියේ විනෝද චාරිකා සදහා පැමිණිමෙන් වැලකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreදොම්පේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 400 දෙනකු අද ස්වයං නිරෝධායනයට යොමු කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 නිසා පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධාණය යොමුවෙයි. ඊට අදාල වැඩ පිළිවෙලක් වහාම සකසන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreකොල්ලූපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ලංකා ආයතනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සැලැස්මට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබේ.
Read Moreකෝවිඞ් 19 වෛරසය ආසාදිත බව තහවුරුවූ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙක් අද අලූයම කෑගල්ල රඹුක්කන රෝහලට ඇතුළත් කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ගම්මාන ලෙස නම්කර ඇති ගම්මාන අතුරින් මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියළු ගම්මාන හුදකලා කිරීම ඉවත් කෙරෙයි.
Read Moreනව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
Read Moreයාපනය මහනුවර එ-9 මාර්ගයේ කිලිනොච්චිය පරන්තන්, උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී තෙල් බවුසරයක් හා ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් ඊයේ (28) රාත්‍රියේ දෙදෙනෙකු මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreරජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් පත් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreරජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
Read Moreරට තුළ නැවතත් කොවිඩ් වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් කාන්තන්කුඩිහි සියලුම පල්සි අද (29දා) සිට වසා දැමීමට කාන්තන්කුඩි කොරෝනා මර්දන බළකාය තීරණය කර තිබේ.
Read Moreබස්නාහිර පළාත තුළ අද උදෑසන් අවසන් වු පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයෙන් අද 29 වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 16 දෙනෙක් හමුවී ඇතැයි කොවිඩ් 19 ව්‍යාප්ති පාලන බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි .
Read Moreමාළු මිලදී ගැනීමට කළමැටිය මාදැල් වරායට පැමිණි සිටි බව කියන මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
Read Moreඅද රාත්‍රී 12.00 සිට බස්නාහිර පළාත තුළ ආරම්භ කරන ඇඳිරි නීතිය සඳුදා පෙරවරු 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.
Read More’’මම ඔබ සැමට ආශිර්වාද කිරීමට පහළට ඒමට කැමතියි. නමුත් අපි දුර පවත්වා ගත යුතුයි. මොකද මම පහළට ආවොත් එක්වරම පිරිස ඒකරාශී වීමක් සිදුවිය හැකියි. එය අපට විශාල හානියක් කරන කොවිඩ් නම් වූ මේ කාන්තාව ඉදිරියේ අප ගතයුතු පූර්වාරක්ෂාවන්ට පටහැනි ක්‍රියාවක්.’’ පාප් තුමන් පැවසූහ.
Read Moreඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More(LONG READS) පොම්පියෝ වෙත ආදරයෙන් අහිතවත් පොම්පියෝ, ඇත්තටම ඔයාට හිතවත් කිව්වට හිතරිද්ද ගන්න එපා. මම නම් කැමති ඔයාට ආදර කියලාඅමතන්න. මම ඇමරිකාවටත් චීනෙටත් අපේ තාත්තටත් ආදරය කරන්න ගත්තේ කිසිම දේශපාලන සවිඥානයක් නැති පුංචි සන්දියේ ඉඳන්. ඒ හින්දා මේ ලව් එකකින්වත් දැන් ගැලවෙන්න බෑ.
Read More’’දැන් අපි සාමාන්‍යයෙන් දෛනිකව ආසාදිතයන් 70,000ක් පමණ වාර්තා කරනවා. එය නරක තත්වයක්. අපි අවදානම වැඩි ශීත සෘතුවේ සීතල මාස කරා ගමන් කරන විට, අපි වැරදි දිශාවකට ගමන් කරනවා දකින්න ලැබේවි. ඉදිරිය නරකයි.’’
Read More