සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනය මීට සුලු මොහොතකට පෙර නිමාවට පත්විය.
ඒ අනුව දිනව නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේ කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 71ක් අවසානයේ කඩුලු 08කි දැවී ලකුණු 220ක් ලබා සිටියහ.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ශදාම් ඉස්ලාම් ලකුණු 46ක් රැස් කළේය.
පන්දු යැවීමේදී අසිත ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු සහ සොනාල් දිනූෂ කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් විය.