විදෙස් රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 කගෙන් පමණ රුපියල් කෝටි 05 ක අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට වාර්තා වූ පැමිණිලිවලට අදාලව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව 2025.06.24 වන දින සවස් කාලයේදී කිරුලපන පොලිස් වසමේදී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 37 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි