saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8076 hours ago

LATEST

යක්කලට මධ්‍යම ප්‍රාන්තික මහල් නිවාස යෝජනා ක්‍රමයක්

calendar_today 2020 සැප් 08 - 11:10 remove_red_eye - 514  

යක්කල , වැරැල්ලවත්ත ප්‍රදේශයේ මධ්‍යම ප්‍රාන්තික මහල් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය විරුද්ධ වන අතරේම ඒ සඳහා විකල්පයක් ලෙස 19 ප්ලස් වැඩසටහන ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

පළාත් සභා සම්බන්ධයෙන් වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරන බවත් පළාත් සභා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂනයක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දෙවැනි වරටත් ගිනි ගැනිමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.

Read More

කඳුකර කොටියන් ඉලක්ක කර ගනිමින් මධ්‍යම කඳුකරයේ අටවන මදු හා උගුල් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් කඩිනමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස වනජීවී දෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

පාසල් වල අධ්‍යන කටයුතු අද (08දා) දිනසිට සමාන්‍ය පරිදි සිදු කරන ආරම්භ විය. සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ.

Read More

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව සිය අමාත්‍යාංශය හා ඒ යටතේ පවත්නා ආයතන වල සේවක සේවිකාවන් හමුවීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එම ආයතන වල ඔවුන් දකින අඩුපාඩු සහ ආයතනය දියුණු කිරීම සදහා ඔවුන්ගේ යෝජනා තමන් වෙත ලැබීමට සලස්වන ලෙසයි.

Read More

කල්පිටිය පාලන්තුඩාව හංදියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකින් පාර්සන් 8ක අසුරන ලද රත්තරං කිලෝ ග්‍රෑම් 10ක් පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

කළුතර උතුර වස්කඩුව ප්‍ර දේශයේදී පුද්ගලික ආපනශාලාවක් තුළදී අයිස්, කේරළ ගංජා හා මත්පෙති සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත් කිරීම, ඇමති වරුන් ගණනට තිබූ සීමා ඉවත් කිරීම හා විගණන පනත අහෝසි කිරීමට විරෝධය ඇමතිවරු කීපදෙනෙක් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඒ අතර 2/3කින් සම්මත කර ගැනීමත් අර්බුදයක්

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරන්නේ, ’’මෙය අවසාන වසංගතය නොවනු ඇති. ඉතිහාසය අපට උගන්වන්නේ මෙවැනි ඉස්මතුවීම් සහ වසංගතයන් ජීවිතයේ සත්‍යයක් බවයි.’’

Read More

පාසල් නැවත විවෘත කිරීම හා සමගාමීව දෙවැනි කොරෝනා රැල්ලක් සමග බටහිර යුරෝපයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 500,000ක් ලියාපදිංචි කළ පළමු වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 63ක සීමාවට පැමිණ, එරට ආසාදිත මරණ 190,000ක සීමාවේ පැවතියද, මුඛ ආවරණ වැනි මහජන සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් එරට ෆෙඩරල් රජයෙන් ලැබෙන දිරිගැන්වීම අතිශය දුර්වල මට්ටමක පවතී.

Read More

යුරෝපයේ නව කෙරෝනා වෛරසය පැතිර යන මුල් අවධියේදී ඉන් බැටකෑ ප්‍රංශය ක්‍රමයෙන් වෛරසය පාලනය කර රට විවෘත කළත්, මේ වනවිට එරට තුළ වෛරසය යළි ක්‍රමයෙන් හිස ඔසවන්නේ අවදානම තවම පහව ගොස් නැති බව සිහි කරමිනි.

Read More

වෛද්‍ය මයික් රයන් පැවසුවේ ජනතාව සඳහා උවමනාවටත් වඩා සරල කළ, අතිශය සැහැල්ලු විසඳුම් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම දිගු කාලීන උපාය මාර්ගයක් නොවන බවය.

Read More

මෙතෙක් බ්‍රසීලය විසින් දැරූ ස්ථානය හඹා පැමිණි ඉන්දියාව ගෙවීගිය දින දෙකේදීම ආසාදිතයන් 90,000ක් ඉක්මවා වාර්තා කළ අතර, පසුගිය දින 5 පුරා ආසාදිත මරණ 1,000 ඉක්මවීය. අසල්වැසි රාජ්‍යයන්ද සිය අවධානය වැඩිකළ යුතු අවස්ථාවකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 27,235,000 පසුකර ගොස් ඇති අතර, වෛරසයේ නවතම අපිකෙනේද්‍රය බවට ඉන්දියාව පත්වෙමින් ඇත්තේ දෛනික ආසාදන 90,000ක් පසුකරමිනි.

Read More

එක්සත් ජාතික පක්‍ෂය මෙම තීරණය ගෙන ඇත්තේ, පක්‍ෂනායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.

Read More

සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක කටුනායක ගුවන් තොටුපළ ගැල් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක 9/07 දින නිරත විය .

Read More

විදේශ රටවලින් ආනයනය කරන ලද නවීන පන්නයේ උපකරණ යොදාගෙන කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට පහසුකම් සලසමින් කාන්තාවන් මුදලට අලෙවි කිරිමේ කිරීමේ ජාවාරමක් මෙහෙයවූ කළුතර උතුර වස්කඩුව නිවාඩු නිකේතනයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් 7 අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි

Read More

පසුගිය දිනවල සංගමන්කන්ද වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 33ක දුරකින් පිහිටි විදේශීය නැවක සිදුවු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බව ධීවරයන් සොයාගෙන තිබේ.

Read More

බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

අම්බලන්ගොඩ ධීවර වරායෙන් පසුගිය පෙබරවාරි 05 පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍ර 04 ක සිටින ධීවරයින් 24ක් බේරා දෙන ලෙස ඉල්ලා අද දින එම ධීවරයන්ගේ පවුල් වල ඥාතීන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හමුවී ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.

Read More

විශේෂ සේවා කාර්ය බල කාය හා බද්දේගම පොලීසිය එක්ව අද (7) දා සිදුකල මෙහෙයුමකදී බද්දේගම ගනේගම දකුණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ආයුධරැසක් සමඟ අත්අඩංගුවටගත් බව බද්දේගම පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.09.07 දින පැවසීය.

Read More

බෝට්ටු යොදා ගනිමින් බොල්ගොඩ ගඟේ සිදුකළ මෙහෙයුමකදී ගෝඩා මිලිලීටර් විසිලක්ෂයකට ආසන්න තොගයක් සමඟ පුද්ගලයෙක් 7 අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි

Read More

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය.

Read More

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්‍රවාහය නිසා New Diamond නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ඔස්සේ ගලා බසින අත්තනගලු ඔය (8) සවස වනවිට ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම මත පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවෙමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුන් අතර පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.