කුරුණෑගල තැපැල් කාර්යාල කිහිපයක් හැර සියල්ල හෙට විවෘතයි
- 1 12 2020
- 13:14
- {{hitsCtrl.values.hits}} views
- ගීතාංජලී ප්රියදර්ශනී
කාර්ය මණ්ඩල සාමාජිකයන් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වීම හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ කුරුණෑගල දිස්ත්රික්කයේ තැපැල් කාර්යාල අතරින් කුරුණෑගල ප්රධාන තැපැල් කාර්යාලය ඇතුළු කාර්යාල කීපයක් හැර අනෙක් සියළුම සියළුම තැපැල් කාර්යාල හෙට (2) දින සිට නැවත විවෘත කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා දන්වා ඇත.
මේ අනුව කුරුණෑගල ප්රධාන තැපැල් කාර්යාලය සමඟ එම කාර්යාලය මඟින් පාලනය වන සියළුම උප තැපැල් කාර්යාල හා දිසා ගිණුම් පාලන කාර්යාලය හැර කුරුණෑගල දිස්ත්රික්කයේ අනෙකුත් සියළුම තැපැල් කාර්යාල හෙට දින සිට සුපුරුදු පරිදි විවෘත කර රාජකාරි කටයුතු ආරම්භ කරනු ඇත.
එලෙස විවෘත කරන සෑම කාර්යාලයක්ම නිසි පරිදි විෂබීජහරණය කර විවෘත කිරීමටත් සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් රාජකාරි කටයුතු වල යෙදෙන ලෙසටත් උපදෙස් ලබාදී ඇති බවද තැපැල්පතිවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

