මැදපෙරදිග සහ යුරෝපයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
මැදපෙරදිග සහ යුරෝපයේ රැකියා සදහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රජයේ විශේෂ අවසරය ඇතිව 12/01 දින අලුයම සිට දහවල් දක්වා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, තවත් ශ්‍රී ලාංකිකයන් 158 දෙනෙකු රැකියා සදහා මැදපෙරදිග සහ දකුණු කොරියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 49 දෙනෙකු ද , ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට 05 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 95 දෙනෙකු ද , ඉතාලියේ මිලාන් සිට 32 දෙනෙකු ද , එංගලන්තයේ ලන්ඩන් සිට 41 දෙනෙකු ද 12/01 දින කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි .
මෙසේ පැමිණි සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කළ අතර , ඉන්පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් කීපයක් වෙත රැගෙන ගොස් තිබුණි .
එමෙන්ම 12/01 දින අලුයම කටාර් රාජ්‍යයේ දෝහා වෙත 86 දෙනෙකු ද , දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත 42 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත 30 දෙනෙකු ද වශයෙන් ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

