අටුලුගම කොරෝනා රෝගීන් 231ක්
කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව බණ්ඩාරගම අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් ගෙවුණු දින 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 231 දෙනකු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ශ්රීමලී අමරසිංහ මහත්මිය පැවසුවාය
මේ වන විට වෛරසය ආසාධිත වී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත
එම ආසාදිතයන් ඇතුළු සමස්ත බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිත රෝගීන් 310 කූ මේ දක්වා වාර්තා වී ඇතැයි වෛද්‍යවරිය කීය
අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් මුල්ම රෝගීන් සිව්දෙනා වාර්තා වූයේ ඉකුත් මස 15 දිනය .පි සි ආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීම මඟහැරී මතුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වල බහුතරයක් දෙනා ඊයේ 01 දින ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය
popular news
-
පී.ජී.විජේතුංග Tuesday, 01 December 2020 04:20 PM
ග්‍රාම සේවා වසම් යනුවෙන් භාවිතා වන ප්‍රදේශයක් නැහැ. එය ග්‍රාම නිලධාරි වසම යනුවෙන් නිවරැදි විය යුතුය. ඔබ පුවත්පතට මීට පෙරද මා ඊමේල් මගින් මෙය දැනුවුවත් තවම ඔබ වගකීම් රහිත මාධ්‍යක් ලෙස මෙය අවභාවිතා කිරිම කනගාටුවට කරුණකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

