යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම් කටයුතු වල නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධානයකට පොළව හාරන අවස්ථාවකදී යුද හමුදා නිලඇඳුම් කොටස් හා අස්ථියක කොටසක් ඊයේ (16) සවස හමුවී ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සැමරේ.
Read Moreබටහිර වෛද්‍ය ක්‍රම පවතින රෝහල් වල දේශීය වෛද්‍ය ක්‍රමයත් සංකලනය කරමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සාකච්ඡාවක් ඇරඹීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.
Read Moreඅත්තනගල්ල හා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත්ව පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ’පෙතියකන්ද වත්ත’ නැමති ඉඩමේ අක්කර 194ක භූමි භාගයක එකී කර්මාන්තපුරය, හරිත කර්මාන්තපුරයක් වශයෙන් ස්ථාපිත කිරීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.
Read Moreමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ වංකාලෙයි මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝ 818 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (16) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreසෙස් බද්ද යටතට අලුතෙන් ඇතුළත් වන හා ඉන් ඉවත් කරන භාණ්ඩ ඇතුළත් ගැසට් නිවේදන හතරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කී ශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට හෙළිව තිබේ.
Read Moreකොළඹ ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර පිරිමි දරුවෙකු (අවු.10) 2013 වසරේදී බරපතල ලිංගික අපයෝජනයට ලක්කෙකොට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, කොළඹ ප්‍රදේශයේ පදිංචි සැකකරු (අවු.41) අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් , නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් ඉදිරිපත් කොට, මහාධිකරණය විසින් නඩුව විභාග කොට 2020 වසරේ අගෝස්තු මාසයේදී සැකකරු වරදකරු කොට ඇත.
Read Moreකොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද (17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.
Read Moreඉන්දියාවට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි යකඩ හා වානේ කර්මාන්තශාලාවල සේවය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් 154 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත අද දින දහවල් රැගෙන ගොස් තිබේ .
Read Moreමෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ඊයේ (16දා) ආරම්භ කළේය.
Read Moreකොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද(17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත් විණි.
Read Moreකොරෝනා ආසාදනය වි සුවය ලබා තවත් 22 දෙනෙකු පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 3043 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසාක්ෂි වසන් කිරිමේ චෝදනාවට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා ඔක්තෝම්බර් 2වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
Read Moreමඩකලපුව වන්නියර් පාරේ ඇති නිවසේ ළිඳක දින 40ක ළදරුවකගේ සිරුරක් සොයාගත් බව මඩකලපුව මුලස්ථාන පොලිසිය පවසයි.
Read Moreයම් හෙයිකින් ඡන්දයට පෙර විසිවැනි සංශෝධනයේ යෝජිත කරුණු ජනතාවට දැක ගැනීමට අවස්ථාව තිබුණේ නම් ලක්ෂ 69ක් ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
Read Moreරාගල පොලිස් වසමේ රාගල වලපනේ ප්‍රධාන මාර්ගයේ කිලෝමිටර් 70 කණුව අසලදි මාර්ගය හරහා ගමන් කල දැරියක් රාගල දෙස සිට වලපනේ දෙසට ධාවනය වු ලොරි රථයක ගැටි අනතුරක් සිදුව තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉදිකිරීමට යෝජිත කෙරවලපිටිය LNG බලාගාරය සඳහා අයෝජකයන්ගෙන් ලන්සු කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreබණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ වැටලිමකට ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරිම ගැන පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් සිවුදෙනෙකු සහ සැකකාරියක් කල්තොට ප්‍රදේශයේ කැලෑවක සැගව සිටියදි කල්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2021වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
Read Moreමෙරට පාසල් සහ විශ්වවිද්‍යාල ආයතන තුළින් ලබාදෙන අධ්‍යාපනයත්, නූතන රැකියා අවස්ථාවනුත් අතර පවත්නා පරස්පරය ඉවත් කළ යුතු බවත්, එසේ නොවනතාක් සිදුවන්නේ පවත්නා ක්‍රමයට එරෙහිවන මුළුමහත් සමාජය සමඟ කනස්සල්ලෙන් පසුවන රැකියා විරහිත තරුණ පරපුරක් බිහිවීම බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
Read Moreපුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreඉදිරියේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට වට්ටම් ලබා දීමට රජය සුදානම් වෙයි. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
Read Moreව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් කැනඩාව වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සඳහන් කරන කරුණු සියල්ලම පිළිගැනීමට රජය සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read Moreඔක්ෂ්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා ඉතාලි පර්යේෂකයන් එක්ව පර්යේෂණය කරමින් සොයාගෙන ඇති කොවිඩ් 19 එරෙහි පළමු එන්නත් තොගය නොවැම්බර් මාසය තුලදි ලැබිමට නියමිත බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසි නැමැත්තා (17) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 25 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70 %ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිපදවිම සඳහා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ “ සෞභාග්‍යයේ දැක්ම ” වෙනුවෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් විදුලිබල අමාත්‍යාංශය දියත් කිරිමට සැලසුම් කරන ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිමට සුදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපතිනිය ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් අවධාරණය කරයි.
Read Moreකොළඹ 01, සඳහා ජල සැපයුම අද (17) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreමේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගකීම ජනපති හා කැබිනට් මණ්ඩලය භාර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read More